
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම හා අවට පෙට්‍රල් ලීටරය රුපියල් 2500 කට අධික මුදලකට අලෙවි කරන බව වාර්තාවෙයි.
මෙසේ අධික මිළට පෙට්‍රල් අලෙවි කරන ජාවාරම්කරුවන් දරා ගත නොහැකි මිලට පෙට්‍රල් අලෙවි කිරීම සිදුවන බව කියති.
කෙසේ නමුත් අවශ්‍යතාවන් වෙනුවෙන් මෙසේ අධික මිලට ජනතාව පෙට්‍රල් මිලදි ගැනිමට පෙළඹි ඇති බව වාර්තා වෙයි.
ජනතාව පවසන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුවු ලෙසින් ඉතාමත් රහසිගත අයුරින් විශ්වාසය තහවුරු විමේන් පමනක් මෙසේ පෙට්‍රල් ලබා දීම දිම සිදුවන බවයි.
පොලිසිය විසින් වැටලිම් සිදුකලද ඇතැම් අවස්ථාවල මෙම ජාවාරම්කරුවන් කොටුකර ගැනිමට පවා අසිරු බවද වාර්තා වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුත්තලමේ විතරක් නෙමෙයි කොළඹත් ලීටරයක් 2500/- ක් වෙන අවස්ථා තියෙනවා. ඊයේ මගේ මිතුරෙකු තම මෝටර් සයිකලයට ලීටර් 2 ක් ගහගත්තේ රු.5000/- ක් දීලා...
ගම්පහ බෝතලය 2500/= ත්‍රිවිල් රියදුරන්ට සහ නිකමුන්ට ගිය තෙල් වෙළඳාම. ගෑසුත් එසේමයි. ගෙවල්වල නිකම්ම ඉන්න අය තමා එකතු කරන්නේ...
මේ වගේ ආත්මාර්තකාමී මිනිස්සු සහ හොර දේශපාලකයින් ඉන්න රටක ලබන ආත්මේදී නොඉපදේවා කියලා ඔබ සියලු දෙනාටම මම ප්‍රාර්ථනා කරනවා.
රුපියල් 2500/= නොව පුත්තලමේ පසුගිය මුස්ලිම් අවුරුදු කාලයේ ලීටරයක් 6000/= කට අලෙවි වුණා. මේ ගැන බලන්න කවුරුවත් නැහැනේ...
ත්‍රීවිල් රියදුරන් තෙල් වෙලළඳාමේ. මේක වහාම නැවත්විමට පියවරක් ගත යුතුයි...
අනේ පොලිස් මහත්තයෝ... මෙහෙමයි අල්ලන්නේ.. පොලිසියේ 20ක් 30ක් වෙනවෙනම සාමාන්‍ය ඇඳුම් ඇඳගෙන ස්මාර්ට් ෆෝන්වල GPS ඔන් කරන්... ඒවා GPS ට්‍රැකින් සයිට් එකක රෙජිස්ටර් වෙලා මේ විකුණන තැන්වලින් ලීටරයක්, දෙකක් ගන්න. ඉන්පස්සේ වැටලීම කරන්න. බැරිනම් මට දෙන්න. මම කරන්නම්...
මේවට වගකිව යුත්තා රටින් පැනලා ගිහින් සැපට ඉන්නවා ඇති...
මැල්සිරිපුරත් ඒ ගානට තියෙනවා...!
රටේ වැඩිමිලට ඉන්ධන විකුණන ජාවාරම් කාරයින්, ඔත්තුකරුවන් මගින් වටලලා අත්අඩංගුවට ගැනිය යුතුයි....!