
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසක් හරහා 25 දින සවස හමා ගිය සුළඟකින් නිවාස රැසක් හා වගාබිම්,සත්ව ගොවිපලවල් විනාශ වී ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී.හේරත් මහතා පවසයි.
මාසයකට ආසන්න කාලයක් පැවති දැඩි අව් රශ්මිය මදකට නිමා කරමින් මෙම මහ වැස්සක් සමග ආ මහා සුළගකින් ආණමඩුව, පුත්තලම, පල්ලම, නවගත්තේගම, ඇතුළු ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ රැසක නිවාස 25 ක් හා වගා බිම් සත්ව පාලන ගොඩනැගිලි ඇතුළු ස්ථාන රැසක් වැනසි ඇති බව පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය ද සනාථ කරයි.
මෙම සුළි සුළගින් නිවාස රැසක වහලවල් සම්පුර්ණයෙන් බිමට පතිත වී ඇති බවත් ඒ සමගම සත්ව ගොවිපලවල් හා වගාබිම් රැසක් ද විනාශ වී ඇති බව අදාල ප්‍රාදේශ වල රජයෙ නිළධාරිහු පවසති.
හිතා ගත නොහැකි අයුරින් මහ වැස්සක් සමග ආ සුළි සුළග සමග දැවැන්ත ගස් පවා ඉදිරි වැටි තිබු අතර ඇතැම් ගස් වල අතු මිටර් 100 කට අධික දුරකට සුළගින් ගසා ගෙන ගොස් වැටි තිබු බව ජනතාව පවසයි.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුත්තලමේ නිවාස රැසක් සුළඟට යයි