IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පුත්තලම ගුරු සංගම් ලොක්කාගේ ගෙට ගිනි තියලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය, හිරාන් ප්‍රියන්කර ජයසිංහ සහ  එච්. චන්දන)

ලංකා ගුරු සංගමයේ පුත්තලම  දිස්ත්‍රික් සභාපති අජිත්  විජේසිංහ මහතාගේ පුත්තලම, මදුරන්කුලිය මුක්කු තුඩුවාවේ පිහිටි නිවෙසට  කඩාවැදුණු කඩු, යකඩ පොලු සහ මුගුරු රැගත් මැර කණ්ඩායමක් ඒ මහතා ගේ  නිවෙසේ වටිනා බඩු මුට්ටුවලට පහර දී පොඩි පට්ටම් කර  නිවෙසට ද ගිනි තබා හානි සිදුකර පලා ගොස් ඇතැයි මදුරන්කුලිය පොලිසිය පවසයි.

ප්‍රදේශයේ එක්තරා කර්මාන්ත ශාලාවකින් බැහැර කරන අපවිත්‍ර ජලය හේතුවෙන්  සිදුවන බව කියන දැඩි පාරිසරික හා සෞඛ්‍යමය ගැටලු සම්බන්ධයෙන්  ප්‍රදේශවාසීන් පිරිසක් සමග එක්ව ඊට එරෙහිව පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කිරීමට අජිත් විජේසිංහ මහතා නායකත්වය ගෙන ක්‍රියා කර ඇති බවට මූලික විමර්ශනවලදී තොරතුරු අනාවරණය වීයැයි ද පොලිසිය සදහන් කරයි.

හලාවත නගර සභාවේ ගිනි නිවන රථ පැමිණ ගින්න මැඩ පැවැත්වූ අතර ඒ සඳහා  ප්‍රදේශවාසීන්ගේ ද උපරිම සහාය ලැබී ඇත.

විජේසිංහ මහතාට අයත් මෝටර් රථයට සහ යතුරුපැදියට ද මැර කණ්ඩායම දැඩි ලෙස හානි කර තිබෙන බව පොලිසිය කියයි.



අදහස් (1)

පුත්තලම ගුරු සංගම් ලොක්කාගේ ගෙට ගිනි තියලා

Bamunuarachchi Thursday, 04 April 2024 05:32 AM

යාලුවනේ අපේ ඩුප්ලිකේට් ඉස්ටාලින් ගොයියාටත් සැලකුවොත් හොඳයි නේද? තවත් එකෙක් ඉන්නවා උගේ නම මතක නැහැ. මිනිහා ජේවීපී වෘත්තීය සමිති කාරයෙක්..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site