IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පුත්තලම කලපු තීරයේ කොටසක ගොඩකරලා

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම කලපු තිරයට අයත් කරඹ ප්‍රදේශයේ ඕඩය (තරව) ව්‍යාපාරිකයකු  කඩොලාන ශාඛ කපා බොරළු දමා ගොඩකරන බව පරිසරවේදිහු චෝදනා කරති.

පුත්තලම කලපු තිරයට අයත් මෙම ඕඩය කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ආරම්භ වන ස්ථානය වන කරඹ සිමාවේ පිහිටා තිබේ.

අදාල ව්‍යාපාරිකයා කලපුවේ ඕඩයට අයත් අක්කර 2 කට ආසන්න භුමියක කඩොලාන නීති විරෝධීව කපා දමා එය ගිනි දමා වනසා ඇති අතර ඒ සමගම තවත් කොටසක් බොරළු දමා පුරවා ඇති ආකාරය දැක ගත හැකිය.

මේ පිළිබදව කල්පිටිය ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් දන්නසුරිය මහතාගෙන් කල විමසිමේදි මෙසේ පැවැසීය. අදාල ඉඩම සම්බන්ද අදාල තැනැත්තා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කැදවු බවත් අදාල භුමියට ඔප්පුවක් ඉදිරිපත් කිරීම හේතුවෙන් ඒ පිළිබදව සොයා බැලිමට පුත්තලම දිස්ත්‍රික් මිනුම්දොරු  කාර්යාලයට දැන්වුවා. එහි නිසි තොරතුරු ලැබෙන තෙක්  සංවර්ධන කටයුතු කිරීම සම්පුර්ණයෙන් නවතා දැමුවා.



අදහස් (5)

පුත්තලම කලපු තීරයේ කොටසක ගොඩකරලා

Bamunuarachchi Wednesday, 07 September 2022 06:36 AM

කුඹුරු කැල්ලක් තිබෙනවා කොහොමද ගොඩකර ගන්නේ ආයුබෝවන්? මෙන්න පහත බිම් ගොඩකරන්න එපා කියන අයගෙන්ම ලැබෙන උපදෙස. එළිවෙන්න කලින් පස්ලෝඩ් කීපයක් දාල ගොඩකර ගන්නවා. පසුවදා මෙතන ගොඩකරන්න තහනම් බව දන්නේ නැද්ද කාගේ අව්සරෙන්ද ගොදකලේ? මම දන්නේ නෑ සර් ඊයේ රෑ කවුදෝ පස් ගෙනල්ල දාලා. සර්ට් පුලුවන්නම් පස්ටික අදලා දමන්න. අපි නොදන්න පළාත් සබා ගොයියෝ.

:       3       3

Bamunuarachchi Wednesday, 07 September 2022 06:39 AM

මේක ගොඩකරනවා පළාත් සභා කාරයින් දන්නේ නැද්ද? හොඳ කුට්ටියක් ලැබුණු නිසා අහක බලාගෙන සිටියා. ලොකු කොටස සභාපතිට...!

:       2       3

Anula Wednesday, 07 September 2022 09:54 AM

අරගල කරන්නට ඕන මේ විනාශයට!

:       1       4

BamunuarachchiThursday, 08 September 2022 04:57 PM

මේවාට අරගල කරලා ජෙප්පෙක් ජනාධිපති කරන්න බැහැනේ...

:       0       0

fairoos Wednesday, 07 September 2022 02:15 PM

ඕක ඉතින් අහන්න දෙයක්ද? ඔක්සිජන් කන්නද කියලා අහපු පුත්තලම් බූරු පැටියගේ කවුරුහරි වෙන්න ඇති...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 378 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site