IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


පුත්තලමේ කොරෝනා ආසාදිතයාගේ නිවසේ පිරිස-තවත් නිවාස දෙකක පිරිස් නිරෝධායනයට

හිරාන් ප්‍රියංකර ජයසිංහ

කොරෝනා ආසාදිතයකු බවට මේ වන විට හදුනාගෙන ඇති පුත්තලම කඩුමයන්කුලම් විදියේ තැනැත්තා පදිංචි නිවසේ පිරිස හා මොහු සමග සම්බන්ධතා පැවැත්වු නිවාස දෙකක පිරිස දින 14 ක නිරෝධායන කටයුතුවල යෙදවිමට සෞඛ්‍ය අංශ අද( 28 ) පියවර ගැනිණි.

කොරෝනා අසාදිතයකු ලෙස හදුනා ගැනුන පුත්තලම කඩුමයන්කුලම් විදියේ පදිංචි තුවාන් මොහොමඩ් තුවාන් ( 50 ) නැමැත්තා පදිංචි නිවසේ බිරිද දරුවන් හා ඥාතින් ඇතුළු 7 දෙනෙකු හා මොහු නිතර ගැවසුන නිවාස දෙකක පිරිස මෙසේ නිරෝධායනයට ලක් කිරිමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබුනී.

මේ වන විට සෞඛ්‍ය අංශ අනාවරණය කරගෙන ඇත්තේ දැනට කොරෝනා ආසාදිතයකු බව පැවසෙන ඉන්දුනිසියා හා තායිලන්තයේ සංචාරයේදි යෙදුන තවත් 6 දෙනෙකු මේ වන විට පුත්තලම , තිල්අඩිය , අල්කාසිම් සිටි රත්මල්යාය, ඇතුළු පිරිසක් බව බවයි .

කෙසේ නමුත් මෙම පිරිස තවත් කොතරම් පිරිසක් ඇසුරුකර ඇත් දැයි සොයා බැලිම මේවන විට අරඹා ඇති බව කියයි.

අදාල ස්ථානයට පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ කණ්ඩායම් හා පුත්තලම මුලස්ථාන පොලිසියේ නිළධාරින්ද එක්වි අදාල කටයුතු කරන ආකාරය දැක ගත හැකි විනි.



අදහස් (0)

පුත්තලමේ කොරෝනා ආසාදිතයාගේ නිවසේ පිරිස-තවත් නිවාස දෙකක පිරිස් නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 61 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 269 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site