
(ගයාන් සූරියආරච්චි)
දික්කසාද නඩු තීන්දුවකට අදාල දික්කසාද සහතිකය ලබාදීම සඳහා රුපියල් පන්දහසක අල්ලස් ගත් බව කියන පුත්තලම කාති උසාවියේ විනිසුරුවරයයෙක් එම උසාවිය තුළදී අල්ලස් ගන්නා අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පුත්තලම වෙට්ටාලෙයි ප්‍රදේශයේ පදිංචි කාරිනියක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම විනිසුරුවරයා අත්අඩංගුවට ගනු ලැබීය.
එම විනිසුරුවරයා ඉල්ලූ බව කියන මුදල වශයෙන් රුපියල් 5000ක මුදලක් විනිසුරු වරයාට ලබාදීම සඳහා පැමිණිලිකාරිය පුත්තලම උසාවි භූමියට පැමිණ පස්වරු 2.30 ට පමණ එම මුදල ලබාදෙන අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් විනිසුරු වරයා අත්අඩංගුවට ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලස් හෝ දූෂණ කොමිසමේ නිලධාරීන්ගේ අතටම අහුවුණා නම් මෙවැනි දූෂිතයින්ගේ නම් හෙළි නොකරන්නේ මොන හේතුවක් නිසාද?
දියුණු බටහිර රටවල කරන ආකාරයට කරුණාකර රටේ පුරවැසියන් සියලුදෙනාමට එක හා සමානව සලකන නීති සකස් කරන්න , සිහල , දෙමල , මුස්ලිම් , සුළු ජාතිය, මහා ජාතිය වශයෙන් ජනකොටස් බෙදා වෙන් කරන්න දේශපාලකයන්ට , පුජකයන්ට ඉඩ දෙන්න එපා , මුස්ලිම් ප්‍රජාවට හෝ වෙනත් ජනකොටස් වලට නිග්‍රහ වෙන ආකාරයට කතා කරන්න හාමුදුරුවරුන්ට හෝ වෙනත් පුද්ගලයන්ට විරුධව නිතිය තදින් ක්‍රියාත්මක කරන්න ඕනේ , , කාති උසාවි වැනි දේවල් අවශ්‍යත් නැහැ , සියලු දෙනාම රටේ පවතින නිතිය පිළිගතයුතු වෙනවා