(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හෝකන්දර විද්‍යාරාජ මාවත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී පුතෙකු විසින් උදැල්ලකින් සහ පිහියකින් පහරදුන්නැයි තුවාල ලැබූ පියකු මියගොස් මව රෝහල් ගතකර ඇතැයි මාලබේ පොලිසිය කියයි.
එම ප්‍රහාරයෙන් පසු සැකකරු පියාගේ සිරුරට ගිනි තබා ඇතැයි ද පොලිසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 57 ක් වන රංජිත් සේනාරත්න නැමැති ත්‍රීරෝද රථ රියදුරෙකි.
තදින් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිව පුනරුත්ථාපනය ව සිටි පුතු මව විසින් මෑත කාලයේ දී නිවසට ගෙන්වා ගෙන තිබූ අතර කිසියම් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම සිද්ධිය වී ඇතැයි පොලිසිය කියයි.
මෙම සිද්ධියට සැකකෙරෙන 28 හැවිරිදි සැකකාර පුතු අත්අඩංගුවට ගැනීමට මාලබේ පොලිසිය පරීක්ෂණ පවත්වයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මගේ ආදරය පුතා ආනන්තර්‍ය පාප කර්මයටත් යොමුකළා.. මෙම පාපකර්මයේ වැඩි කොටසක් කුඩු ජාවාරමුන්ට හිමිවෙනවා. තවත් කොටසක් ඔවුන් බේරා ගැනීමට බොරු බේගල් ගොතා උපක්‍රම යොදන අයටත් ලැබෙනවා.
අයියෝ මොකද්ද මේ කරගත්තේ දරුවෝ...? පොඩ්ඩක් ඉවසන්න බැරුව කරගත්ත පාප කර්මයක්.. පියතුමාට නිවන්සුව ලැබේවා... මව්තුමියට ඉක්මන් සුවය ලැබේවා... මේ පේනවනේ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වෙන අපරාධ... තව ඒවා නීතිගත කරන්නලු..!
ඉතාමත් ම කණගාටුදායක පුවතක්. කුඩු කාරයෝ නිසා රට වැනසිලා. දැන් ළමයෙක්වත් තනියෙම පාරට යවන්න බයයි. ආර්ථික අහේනියත් එක්ක ඉස්සරහට මීටත් වඩා දරුණු දේවල් අහන්න දකින්න ලැබේවි.
අල්ලනවා කියන කුඩුත් ආයෙත් හොර පාරෙන් එනවා ඇති. කුඩු වසංගතය තුරන් කරන්න බැරි ඒ පිටිපස්සේ, දේශපාලුවන්, පොලිසියේ උදවිය, ඉන්න නිසා ජාවාරම් කාරයින්ගෙන් පගාවත් ලැබෙනවා. අන්තිමට රටේ තරුණ පරපුර විනාශ වෙන එකයි සිද්ද වෙන්නේ...?