(ඩබ්ලිව්.ඒ. අසේල)
පාත හේවාහැට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයේ වෙළඳ සැල් 112ක් දින නියමයක් නොමැතිව වසා දැමීමට ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් අද (05) තීරණය කර ඇත. මාරස්සන නගරයේ වෙළඳසැල් විශාල ප්‍රමාණයක් හා අවට ගම්වල වෙළඳසැල් ද ඒ අතර වේ.
අද දිනය තුල කොවිඩ්- 19 වෛරසය ආසාදිත රෝගීන් තිදෙනෙකු හමුවීමත් සමග ඔවුන් මෙම තීරණයට එළඹ ඇත.
මෙම තිදෙනා පසුගිය 31 වැනි දින කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ අම්පිටිය කැවල මාළු ව්‍යාපරිකයාගේ සහායකයින් වන අතර අනෙක් අය සහායකයෙකුගේ බිරිද වේ.
මොහු පෑලියගොඩින් මාලු ගෙනවිත් කැටවල හා මාරස්සන ප්‍රදේශයේ මාලු වෙළඳසැල් පවත්වාගෙන යන අතර සහායකයන් තලාතුඔය අවට විශාල ගම් ප්‍රදේශයක ජංගම මාලු වෙළදාමේ නිරතවී ඇත.
ඒ අනුව ඔවුන්ගේ සමීපතමයින් සොයා ඔවුන් නිවෙස්තුලම නිරෝධායනයට ලක්කිරීමටත් ඔවුන්ගේ පිසිආර් පරීක්ෂණ සිදුකිරීමටත් පාත හේවාහැට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කටයුතු යොදා ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පාත හේවාහැට වෙළඳසැල් 112 ක් වසාදමයි