IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


පොත් විශබීජානුහරණයට ඕසෝන් වායුජනක යන්ත්‍රයක්

කොළඹ මහජන පුස්තකාලයේ පොත් විෂබීජහරණය සඳහා එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරී අමල් රාජ් ජයසීලන් මහතා  කොළඹ පුරපති රෝසි සේනානායක මහත්මියට ඕසෝන් වායු ජනක යන්ත්‍රයක් පරිත්‍යාග කළේය.

ඒ බී සී ට්‍රේඩ් ඇන්ඩ් ඉන්වෙස්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය විසින් මෙම වායු ජනක යන්ත්‍රය පිරිනමන ලදී.

මහජන පුස්තකාලයාධිපතිනී වරුණ ගඟබඩ ආරච්චි, නියෝජ්‍ය නගරාධිපති ඒ ටී එම් ඉක්බාල්, නියෝජ්‍ය පුස්තලායාධිපතිනී චින්තා අයිලප්පෙරුම යන මහත්මහත්මීහුද මෙම අවස්ථාවට සහභාගී වූහ.

(ඡායාරූප - ගයාන් අමරසේකර)



අදහස් (1)

පොත් විශබීජානුහරණයට ඕසෝන් වායුජනක යන්ත්‍රයක්

විජිත් Wednesday, 08 July 2020 04:00 AM

( 1 කොටස ) ඕසෝන් හෙවත් O3 වායුව අපිට ආරක්ෂාව සලසනවා (uvb ) පාරජම්බුල කිරණවලින්. අපේ ශරීරය වැඩිපුර uvb වලට නිරාවරණය වුවහොත් සමේ පිළිකා සැදීමට ඇති ඉඩ වැඩිවෙනවා. ඉතින් වායුගෝලයේ ස්ට්‍රටෝස්පියරයේ ලේයරයක් මෙන් ඇති ඕසෝන් වායු වෙන් uvb අවශෝෂණය කරගන්නානිසා පොලොවට පතිතවන හිරු එළියේ පාරජම්බුල කිරණ ප්‍රමණය බොහෝ අඩුයි. අපව ආරක්ෂාකරන ඕසෝන් වායුවම පොලොව මට්ටමේදී අපව විනාශකරන සතුරෙකුත් වෙනවා. ඕසෝන් ස්වසනපද්ධතියට හානිකරනවා කෙලින්ම. මිට ප්‍රධානම හේතුව තමයි එහි ඇති 3 වෙනි ඔක්සිජන් පරමාණුව. ඕසෝන් භාවිතයෙන් විෂබීජ හරණය කිරීම කලක සිටම කරගෙන එන්නක්. බොහෝ ප්‍රතිජීවක වලට පවා ඔරොත්තුදෙන ස්ටෆිලොකොකුස් ඔරෙයුස් ( MRSA ) හෙවත් "superbug" බැක්ටීරියාව විනාශකිරීමට යොදාගන්න එක ක්‍රමයක් නම් මේ ඕසෝන් වායුව භාවිතයයි. එහිදී ඕසෝන් වලින් බැක්ටීරියාවේ සයිලබිත්තියට පහරදී විනාශ කරයි. SARS වයිරසය විනාශ කිරීමට ඕසෝන් සාර්ථකව යොදාගත් බව කියවෙනවා. ඕසෝන් වැදුන වහාම වයිරසයේ ' කවරය ' තුවාලවී ඒ හරහා ගොස් වයිරසය තුල ඇති RNA සහ DNA විනාශ කිරීමට හැකියාවක් මේ ඔසොන්වලට තියෙනවා.

:       0       132

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 101 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 36 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site