IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පොත් ගන්න මහ සෙනඟක්

(ආරියරත්න  රණබාහු)

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ 25වැනි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා  දහස්  සංඛාත පිරිසකගෙන්  කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ  ශාලාව ඊයේ (02) දින පිරී තිබිණි .

සාමාන්‍ය වැඩ කරන දිනයක් වූ ඊයේ දින මෙසේ අති විශාල  පිරිසක් පැමිණීම   පොත් ප්‍රකාශයකින්ගේ සංගමය ලද ජයග්‍රහණයක් බව ශ්‍රී ලංකා පොත්ප්‍රකාශකයින්ගේ සංගමයේ උප සභාපති ප්‍රදර්ශන කමිටුවේ සභාපති  චන්ද්‍රා සපුතන්ත්‍රි මහතා පැවසීය ..

මෙම වසරේ  විශේෂතා ගැන සඳහන් කළ ඒ මහතා ප්‍රදර්ශන කුටි සංඛ්‍යාව 430කට වැඩි විම  දිවයිනේ සියලුම ප්‍රකට පොත් ප්‍රකාශකයින් සම්බන්ධ වීම,කුඩාම ළමයාගේ සිට වැඩිමහල්  පුද්ගලයා දක්වා  අවශ්‍ය පොත්පත් එකම තැනකින් ලබා ගැනීමට හැකි වීම  ආදි කරුණු  වනබවද කීය.

ඊට අමතරව දිනපතාපොත් ප්‍රදර්ශන කුටිවලදී ග්‍රන්ථ කතුවර කතුවරියන් හමුවිමට අවස්ථාව  හිමිවීම නවතම කෘති එළිදැක්විම සෑම දිනකම සංස්කෘතික  හා සංගිත පුසංග පැවැත්වෙන  බවද හෙතෙම  කීය.

මෙම ප්‍රදර්ශනය පැවති  වෙනත් වසරවල  සංවිධායකයින්ට නැගුණු ප්‍රධාන චෝදනාවක් වූ ප්‍රදර්ශන භූමියේ  අලෙවි කරන ආහාරපානවල ට වැඩි මිලක් අයකිරිම මෙවර පාලනය  කර  ඇති බව කී ඒමහතා  සාධාරණ මිල ගණන්වලට  ආහාරපාන අලෙවි කරන ලෙස වෙළෙඳ ප්‍රජාවගෙන් ඉල්ලීමක් කර ඇති බවද  සඳහන් කළේය.

කෙසේ වෙතත් දින දහයකට සීමා වෙන පොත් ප්‍රදර්ශනය ලබන 06වැනිදා අවසන්  වන  බැවින්  ඊට පෙර  බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා භූමියට පැමිණෙන   ලෙසද ඒ මහතා  ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

මෙම පොත් ප්‍රදර්ශනයේ මුද්‍රිත මාධ්‍යය අනුග්‍රහය  විජය පුවත්පත් සමාගමේ ලංකාදීප පුවත්පතේ අනුග්‍රහයෙනි.

 



අදහස් (2)

පොත් ගන්න මහ සෙනඟක්

රම්බොඩ Thursday, 03 October 2024 11:27 AM

පොත් කියවීමට මේ තරම් උනන්දුවක් ඇති ජනතාවක් සිටින රටක් අධ්‍යාත්මිකව හරිම පොහොසත්.ඒ ගැන ජාතියක් හැටියට අපි ආඩම්බර වෙමු.

:       1       5

Ratavasiya Thursday, 03 October 2024 07:23 PM

පොතක් මුද්‍රණය කර පොත් සාප්පුවලට දෙන්න ගියාම පොත් සාප්පුවෙන් P ක් වට්ටමක් ඉල්ලනවා.. ඒ ගන්නෙත් විකුණා මුදල් දීමේ පොරොන්දුව පිට... පොත් සාප්පුව Pක අධික ලාභයක් ලබනවා මුදල් යට කිරීමකුත් නැහැ. ඒ පොත් අවුරුද්දක් පහන් වුණාම පොත් ප්‍රදර්ශනයේදී වට්ටමක් දීලා විකුණන්න. ඕකට තමයි පොත් ප්‍රදර්ශනය කියන්නේ....!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 16 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site