(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

තරුණයකු පැදවූ යතුරුපැදියක ගැටී 85 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක මිය යාමෙන් අනතුරුව සැකකාර තරුණයාට යතුරුපැදිය ලබා දුන් පියාද අත්අඩංගුවට ගත් බව මිරියාන මූලස්ථාන පොලිසිය සඳහන් කරයි 

අනතුරින් මියගොස් ඇත්තේ නුගේගොඩ ගංගොඩවිල ප්‍රදේශයේ පදිංචිව සිටි ජි විමලාවතී නැමැති 85 හැවිරිදි කාන්තාවකි

සැකකාර තරුණයාගේ දෙමව්පියන් ඉදි ආප්ප තම්බා වෙළඳසැල් වලට දැමීමේ ව්‍යාපාරයක් සිදු කරන අතර  යතුරුපැදිය හිමි පියා  අසනීපව සිටි බැවින් සැකකාර පියා සිය පුතු වන සැකකාර 16 හැවිරිදි  තරුණයාට යතුරු පැදිය ලබාදී ඉදි ආප්ප  වෙළෙඳ සල් වලට දැමීම සඳහා යන ලෙස පවසා තිබූ බව පොලිසිය කියයි

තරුණයා ඉදි ආප්ප  රැගෙන  දෙල්කඳ පරණ කැස්බෑව පාරේ නුගේගොඩ දෙසට යමින් සිටියදී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවට අයත් සේවා පියස ඉදිරිපිට මල් කඩමින් සිට  නිවස වෙත පැමිණීම සඳහා  පාර   මාරු වෙමින් සිටි වයෝවෘද්ධ කාන්තාවගේ ගැටී ඇතැයි පොලිසිය සඳහන් කරයි