IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පඬුකරඳ නඩුව ඉල්ලා අස්කර ගනී

(ආනන්ද ඉ ජයකොඩි සහ අධිකරණ ටෝනි කරුණානායක)

වඳ වී යෑමේ තර්ජනයට ලක්ව ඇති දුර්ලභ ශාක විශේෂයකට අයත් මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු පියවරේ ඉදිකිරීම් කටයුතු කරන දාරළුව ප්‍රදේශයේ තිබූ ‘පඩු කරඳ’ (කෲඩියා සෙලනිකා) ගස හොරෙන් කපා වල දැමීමේ සිද්ධියට අදාළ නඩු කටයුතු අවසන් කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් ෆාතිමා සහානා මහ්ජි මහත්මිය අද (03) නියම කළාය.

‘පඩු කරඳ’ ගස හොරෙන් කපා වල දැමීමේ සිද්ධියට සම්බන්ධයෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අංශයට එරෙහිව නීතීමය පියවර නොගන්නා බවට ගම්පහ වැඩ බලන දිසා වන නිලධාරී ඇම් ඇම් වරුණප්‍රිය මහතා කළ දැනුම් දීමකට අනුව මහෙස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.

වඳ වී යෑමේ තර්ජනයට ලක්ව ඇති දුර්ලභ ශාක විශේෂයකට අයත් මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු පියවරේ ඉදිකිරීම් කටයුතු කරන දාරළුව ප්‍රදේශයේ තිබූ ‘පඩු කරඳ’ (කෲඩියා සෙලනිකා) ගස හොර රහසේ මහ රෑ කපා වල දමා ඇති බව කියමින් ගම්පහ දිසා වන කාර්යාලය මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අංශයට එරෙහිව පැමිණිල්ලක් ගොනු කොට තිබිණි.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් මුල් අවස්ථාවේදීම වහාම ක්‍රියාත්මක වු මහේස්ත්‍රාත්වරිය වැඩ බලන මහේස්ත්‍රාත් ඉන්ද්‍රාණි අත්තනායක මහත්මියගේ අධීක්ෂණය යටතේ පසුගිය ජූනි මස 28 වැනිදා වල දමා තිබූ පඩු කරඳ ගස යළි ගොඩ ගෙන ගම්පහ උද්භිද උද්‍යානයට රැගෙන ගොස් නැවත සිටුවනු ලැබීය.

මෙම සිද්ධියට අදාළ පැමිණීල්ල කැඳවනු ලැබු අවස්ථාවේදී සිද්ධියට අදාළව කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ ගම්පහ වැඩ බලන දිසා වන නිලධාරී ඇම් ඇම් වරුණප්‍රිය මහතා මෙම සිද්ධියට අදාළව තවදුරටත් නීතිමය පියවර නොගන්නා බව විවෘත අධිකරණයේදී දැනුම් දුන්නේය.

ඒ අනුව මෙම නඩුව ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන්නැයි ගම්පහ වැඩ බලන දිසා වන නිලධාරී ඇම් ඇම් වරුණප්‍රිය මහතා අධිකරණයෙන් ඉල්ලීමක්ද කළේය.

ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතූ පුරා වස්තු සුරැකීමේ සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ලක්දිනු ධීරසේකර මහතා කරුණු දක්වමින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය ඉදිරියට පැමිණ කියා සිටින්නේ මහ පුදුම කතාවක් යැයි කීය.

දුප්පත් මනුස්සයෙක් කැලේ ගහක ඇත්තක් කැපුවත් වන නිලධාරීන් එම පුද්ගලයාව කුදලගෙන ඇවිත් නඩු දාන මේ රටේ වඳවීමේ තර්ජනයකට ලක්ව ඇති දුර්ලභ ශාඛයක් හොර රහසේ කපාගෙන ගොස් වළ දැමීමේ බරපතල අපරාධයක් කළ අයට එරෙහිව දැමු පැමිණිල්ල ඉල්ලා අස් කර ගන්නවා කියන්නේ පැහැදිලිවම අපරාධයක් යැයි කී නීතීඥ ලක්දිනු ධීරසේකර මහතා මෙය දේශපාන බලපෑම මත වන නිලධාරීන් කරන කටයුත්තක් යැයිද කීය.

මේ අවස්ථාවේදී නීතීඥ රොෂාන් කහටපිටිය මහතාද අධිකරණය අමතමින් වනජීවී වෘක්ෂලතා ආඥා පනත යටතේ මේ අපරාධය පිළිබඳව වනජීවී දෙපාර්තමේන්තුවටද නඩු පැවරීමට පූර්ණ බලතල ඇති හෙයින් මේ සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවටද පැමිණිලි කළත් කිසිම ප්‍රතිචාරයක් නැතැයිද අඩුම කරමින් එම නිලධාරීනුත් අධිකරණයට පැමිණිලත් නැතැයිද කීය. වගඋත්තරකාර මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අංශය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රාජිකා ද සිල්වා මහත්මිය කරුණු දක්වමින් මෙම ගස නිසා මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ප්‍රමාද වී අති විශාල පාඩුවක් වී ඇතැයි කීවාය.

මධ්‍යම අධිවේගී මාර්ගය පසුගිය කාලය වන විට තනා නිම කර තිබුණා නම් ඉන්ධන හිඟයක් පැවැති සමයේදී ජනතාවට විශාල සහනයක් ලැබබීට හැකියාව තිබුණේ යැයිද නීතීඥ රාජිකා ද සිල්වා මහත්මිය වැඩිදුරටත් කීවාය.

 

 



අදහස් (10)

පඬුකරඳ නඩුව ඉල්ලා අස්කර ගනී

Lal Friday, 03 November 2023 07:29 PM

ඕවා ජෙප්පන්ට ලකුණු දාගන්න කරපු ගොන්පර්ට් වැඩ... ඔවුන්ට ඕනේ මොනවා හරි නවත්වන්න.. කරන්න නෙවෙයි..

:       49       46

Rata PerataFriday, 03 November 2023 10:05 PM

මේ මනුස්සයාගේ ඔලුව හොඳ නැද්ද? නැතිනම් සිංහල කියවන්න තේරෙන්නේ නැද්ද? මෙතැනට කොහොමද ජෙප්පෙක් සම්බන්ධ වෙන්නේ..? කරුණාකරලා මේ වගේ මෝඩ අදහස් කියන්න එපා.

:       0       0

වහල් ලාල්Saturday, 04 November 2023 12:04 PM

ලාල්ට ජෙප්පන් ඇලජික් වෙලා වගේනේ... පව් හාමුට කඩේ යන්න තිබුණා... අධිවේගේ දිගේ ගිහිං කලින්ම...!

:       7       11

Bamunuarachchi Sunday, 05 November 2023 04:59 AM

ලාල්ට විතරක් නොවෙයි රටේ මධ්‍යම හා ඉහළ පන්තියට ජෙප්පෝ ඇලර්ජික්. හේතුව ඔවුන්ගේ ඉතිහාසය හා ඔවුන්ට එකතු වී සිටීන පහළ පන්තිය නිසා. ජෙප්පෝ බලයට ආවොත් ප්‍රාදේශීය නායකයෝ වෙන්නේ ගස්ගෙඩි කඩපු හරක් බලපු එවුන්. 1989 කාලේ සමගි මණ්ඩල දාගෙන පාන් බෙදුවේ ඔවුන්. ජෙප්පෝ ඉන්න බස් එකකටවත් අපි නගින්නේ නැහැ...

:       0       1

රූපිකා Friday, 03 November 2023 08:59 PM

උද්‍යානයේ හිටවූ ගහේ දැන් තත්වය මොකක්ද කියන්න අපිට නම් ඒ ශාකය නිරුපද්‍රිතව ඇති කියලා හිතන්නේ නැහැ...! 

:       0       9

විජිත් Friday, 03 November 2023 09:03 PM

වන සංරක්ෂණ එකේ කොන්ද පණනැති නරුමයින්ට, අසික්කිත දේශපාලුවෙකුගෙන් ජරාවක් හෝ මරණ තර්ජනයක් ලැබිලා... මට මතකයි මේ පැමිණිල්ල කළ වහාම ගරු මහේස්ත්‍රාත්තුමිය වහාම ක්‍රියාත්මක වුණා... දේශකාපාලුවන් විසින්, බල්ලෙක්, පූසෙක්.. කන්න දුන්නොත් ඕනෑම දහදුරා වැඩක් කරන චීන්නුන් ලවා කප්පවා වලලපු ඒ ගස සෙවීමටත් චූදිතයින් අත්අඩංගුවට ගන්නටත් නියෝග කළා. අද? එදා චණ්ඩි වගේ පැමිණිළි කළ වන සංරක්ශනේ "හිවලුන්" තම නැට්ට කොහෙද ගහගෙන, වෙව්ලමින් නඩුව අස්කරගත්තා. මෙය අධිකරණයටත් අපහාස කිරීමක්, මේ අය අධිකරණයත් එක්ක සෙල්ලම් කරනවා වගෙයි. කප්පම් ප්‍රසන්න, ටියුෂන් බන්දුල...හිතන්න එපා ප්‍රශ්නය ඉවරයි කියලා. මේ නඩුව ආයෙත් එනවා.

:       4       11

අරවින්ද මොනරවිල Saturday, 04 November 2023 09:19 AM

ලාල්ගේ මොළයේ තරම හිතා ගන්න පුළුවන්, පවු අසරණ ජීවිතයක් !

:       0       0

Rata Perata Saturday, 04 November 2023 02:44 PM

පාඨක අදහස් තෝරාගන්නේ කවුද? 

:       0       0

Rohana Saturday, 04 November 2023 02:59 PM

නඩුව ඉල්ලා අස්කරගත්තේ බන්දුල කීව නිසා කියලත් කියන්න තිබුනා.

:       0       0

Bamunuarachchi Saturday, 04 November 2023 04:33 PM

මමත් අහන්න හැදුවේ වලෙන් ගොඩ අරගෙන ලොකු වියදමක්‌ දරාගෙන ඈතක ගොස් පැලකරපු පඬුකරඳ ගහේ සුවදුක් බලන්න පරිසර කාරයෝ ගියාද කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 96 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 144 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site