(ඉන්දිකා රාමනායක සහ වයි.ඵ්.ඵස් වීරවංශ )‍

බලන්ගොඩ , මඩුගස්තලාව ආරණ්‍ය සේනාසනයේ  වැඩ විසු   හිමිනමක් අද (14) පෙරවරුවේ වල් අලි ප්‍රහාරයකට ලක්ව අපවත් වී ඇති බව  පොලිසිය කියයි.

මෙලෙස අපවත් වී ඇත්තේ පිටිපන චන්ද්‍රානන්ද නැමැති 54 හැවිරිදි භික්ෂූන් වහන්සේ නමකි.

එම   හිමියෝ  අද (14) අලුයම පෙරවරුවේ පිණ්ඩපාතය සදහා  වැඩමකරමින් සිටියදී මෙලෙස වල් අලි ප්‍රහාරයට ලක්ව ඇති බවද පොලිසිය පවසයි.

වල් අලියා අලි වෙඩි දමා පලවා හැරි බව බලංගොඩ පොලිසිය සදහන් කරයි. 

අපවත් වු හිමියන්ගේ දේහය  බලන්ගොඩ රෝහලේ  තැන්පත් කර ඇත. වැඩි දුර විමර්ශන බලංගොඩ පොලිසිය මගින් සිදු කරති.