
(හේමන්ත රණසූරිය)
ඇතකු සමග පැවැති ද්වන්ද සටනකින් බරපතල තුවාල ලබා මරණාසන්නව සිටි ඇතකුගේ එක් දළක් කිසියම් සහාසිකයකු පොරොවක් ආධාරයෙන් කපාගෙන ගොස් ඇතැයි අනුරාධපුර වනජීවි පශු වෛද්‍ය නිලධාරී චන්දන ජයසිංහ මහතා පවසයි.
කැබිතිගොල්ලෑව තිත්තගෝනෑව මොරඔය කුඹුරකවැටී සිටි සද්ධන්තයකුගේ දළක් මෙසේ කපාගෙන ගොස් ඇත.
කැබිතිගොල්ලෑව නබඩවැව අසල වනයකදී තවත් ඇතකු සමග ඇතිවූ ද්වන්ධ සටකින් පසු මෙම ඇතා බරපතල තුවාල ලබා ඊරිපිනිවැව වතුර අද්දරට පැමිණ පන අදිමින් සිටියදි වනජීවි නිලධාරීන් මෙම ඇතාට ප්‍රතිකාර කිරීම අරඹා ඇත.
සති තුනකට ආසන්න කාලයක් එම නිලධාරීන් ඇතාට නොකඩවා ප්‍රතිකාර කිරීම සිදු කළ බව වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලකණ්නි පාපතරයින්!! මුන්ට යන්න අපායක් හදන්න ඕන!
වනජීවී එකේම වැඩක් වෙන්න ඇති...
මේ රට සතෙක්ටවත් ජීවත් වෙන්න හොඳ තැනක් නෙමේ...!
කාලකන්නි මේ අයට හෙන හත ගහන්න ඕනෑ...
ලෝකෙන් උතුම් රට ලංකාවයි...!
ශ්‍රී ලාංකීය අභිමානය....
ජැක්සන් ඇන්තනි හැප්පුන අලියා කෝ ...!
24 පැයේම බණ කියන්න, පන්සල්වල පදිංචි වෙන්න, හංදි ගානේ බුදුපිළිම තියන්න. මේ වගේ අසික්කිතයින් ඉන්න රටක් තව කොහේවත් තියෙනවද?