
(අමිල සම්පත් ශ්‍රී)
ලුණුගම්වෙහෙර පඩව්ගම ප්‍රදේශයේ නිවසක සිය දරුවන් සමග රාත්‍රී ආහාර ගනිමින් සිටි 34 හැවිරිදි දෙදරු පියකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එ. ඩී. තිළිණ ප්‍රසාද් නැමැති ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ බහුකාර්ය සේවයේ නියුතු පුද්ගලයෙකි.
ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ සොරකම් සහ ඝාතන රැසකට සම්බන්ධ පුද්ගලයකු මෙම වැඩ තැබීම සිදුකර ඇති බවට තොරතුරු ලැබි ඇතැයි ද ඝාතකයා සමග ඔහුගේ පියා සහ සහෝදරයකු පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ලුණුගම්වෙහෙර පොලිසිය සඳහන් කළේය.
ලුණුගම්වෙහෙර කුඹුරු යායේ සිටියදී මියගිය පුද්ගලයාට අයත් ගවයින් රංචුවක් වෙඩි තැබීමට සම්බන්ධ බව කියන සැකකරු විසින් දක්කාගෙන යන අවස්ථාවේ ඊට විරුද්ධ වූ මියගිය පුද්ගලයා සහ බිරිඳට ගිනි අවියක් පෙන්වා පැය දෙකක පමණ කාලයක් දනගස්වා තබා මරා දමන බවට තර්ජනය කළ බව මිය ගිය පුද්ගලයා ගේ බිරිද පොලිසියට කියා ඇත.
ඒ පිළිබඳව ලුණුගම්වෙහෙර පොලිසියට පැමිණිල්ලක් සිදු කිරීමෙන් පොලිස් නිලධාරින් පැමිණ මී ගවයින් ටික නිදහස් කළ දුන් බවත් එම බිරිඳ සඳහන් කළේය.
විදුලිය විසන්ධි වී ඇති අවස්ථාව මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර එම අවස්ථාවේ මියගිය පුද්ගලයා දරුවන් දෙදෙනා සහ බිරිඳ සමග ආහාර ගනිමින් සිට ඇති බවත් පොලිසිය සදහන් කළේය. නිවසේ සීසීටීවී සවි කර තිබුණද විදුලිය විසන්ධි වී ඇති අවස්ථාවේ එම කැමරා ක්‍රියාවිරහිතව ඇති බවද පොලිසිය සඳහන් කළේය. බෝර 12 ගිනි අවියකින් වෙඩි තැබීම සිදු කරන්නට ඇතැයි සැක පළ කරන බවත් මියගිය පුද්ගලයාගේ පපුව ප්‍රදේශයට බරපතළ තුවාල සිදුව ඇති බවත් පොලිසිය සඳහන් කළේය.
මෙම වෙඩි තැබීම සඳහා පැමිණි තිදෙනාගෙන් ප්‍රධාන සැකකරුගේ පියා මේ වන විට ලුණුගම්වෙහෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුලිය විසංධි කිරීමේ තවත් අනිටු ප්‍රතිඵලයක් සහ රටේ හරි හමන් නීතියක් නැති කමේ විපාකයක්. ඔය මිනීමරුවත් පොලීසිය අල්ලලා උසාවි දමාවි. ඊට පස්සෙ නීතිය දන්න මහත්වරු සල්ලි කුට්ටි කුට්ටි සාක්කු වලට දමාගෙන හිස් තර්ක විතර්ක රාශියක් දමලා මිනීමරුව ව නිදොස්කොට නිදහස් කරයි. ඔච්චරයි. මිනිහා තව තව වැරදි කරන්න පන්නරයක් ගනී
ජනපති තුමන්, සාමාන්‍ය මිනිසුන් අතර ගිනි අවි භාවිතාවක් පැවතීම සහ විශාල වශයෙන් මිනිස් ඝාතන සිදුවන තත්ත්වයක් පවතින බැවින් මේ වෙනුවෙන් දැඩි ක්‍රියාමාර්ගයකට යොමු විය යුතු නොවේද ? සාමාන්‍ය මිනිසුන් අත ගිනි අවි පවතින තත්ත්වය පෙනෙන්නට ඇත.
දේශපාලකයෝ ගිනි අවි තියාගෙන සාමාන්‍ය මිනිසුන්ට එපා කියන්නේ කොහොමද?
අතීතයේ මිනිස්සු සතෙකුවත් ආහාරයක් ගනිද්දී මරණයට පත්කලේ නැහැ ඉතින් මෙම වෙඩිතැබූ එකා මිනිසෙක් කියන්න බැහැ ඇරත් තමන්ගෙ සතුන් පැහැරගෙන යනවිට විරුද්ධ වීම වරදක් නම් මේ රට කොහොම හදන්නද.මිනීමරුවන්ට උපරිමයෙන් දඩුවම් දියයුතුය