IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පීඩිත ජනතාවට සහන දෙන අය වැය හෙට

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ලබන වසර(2023) සඳහා වන රජයේ අයවැය ලේඛනය ( අයවැය විසර්ජන පනත් කෙටුම්පත ) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට අද(14) පස්වරු 1.30 ට ඉදිරිපත් කෙරේ.

මෙය වර්තමාන රජයේ දෙවැනි අයවැය ලේඛනයයි. මේ වසරේ අවසාන මාස හතරේ වියදම් සඳහා වූ අතුරු අයවැයක් ජනාධිපතිවරයා විසින් මෙයට පෙර ඉදිරිපත් කරනු ලැබීය.

ජනාධිපතිවරයා මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස අද දින ඉදිරිපත් කිරීමට නියමිත අයවැය ලේඛනය ආර්ථික ගැටලු හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාවගේ මූලික පහසුකම් සපයාදීම ඉලක්ක කරමින් සකස් කෙරුණු එකක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

රටේ සමස්ත පවුල් සංඛ්‍යාවෙන් සියයට හැත්තෑවක් සහන අපේක්ෂාවෙන් සිටින අතර එම ජනතාව ගැන මෙවර අයවැය ලේඛනයෙන් විශේෂ අවධානය යොමු කෙරෙණු ඇතැයිද ඔහු සඳහන් කළේය.

ලබන වසරේදී රට ආර්ථික වශයෙන් ගොඩගැනීම සඳහාඅනුගමනය කෙරෙන මූලික උපක්‍රම සහිතව සකස් කෙරුණු මේ අයවැය යෝජනාවලිය මගින් 2024 වර්ෂයේදී ආර්ථික අර්බුදයෙන් සහ උද්ධමනයෙන් මිදුණු සමෘද්ධිමත් දේශයක් ඇති කිරීම අරමුණු කරගෙන ඇතැයි රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් පැවසීය.

අයවැය ලේඛනය පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය හෙට( 15) සිට ආරම්භ කෙරේ. දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ ලබන 22 වැනිදා පස්වරු 5.00ටය.

අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදය ලබන 23 වැනිදා ආරම්භ වන අතර අයවැය ලේඛනය පිළිබඳ අවසාන ඡන්ද විමසීම පැවැත්වෙන්නේ දෙසැම්බර් මස 8 වැනිදා පස්වරු 5.00ටය.

රජයේ අයවැය ලේඛනය ඉදිරිපත් කෙරෙන අද දිනයේ පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් ආරක්ෂක විධිවිධාන දෙගුණයකින් පමණ වැඩි කිරීමට ආරක්ෂක අංශ ප්‍රධානීන් තීරණය කර ඇත.

මේ යටතේ පාර්ලිමේන්තුවට අද දිනයේ පැමිණෙන මන්ත්‍රීවරුන්, අමුත්තන් සහ මාධ්‍යවේදීන් ඇතුළු පිරිස් දැඩි ලෙස පරීක්ෂාවට ලක් කෙරෙනු ඇත.

මන්ත්‍රීවරුන්ගේ කාමරද පූර්ව පරීක්ෂාවකට ලක් කෙරෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

 



අදහස් (3)

පීඩිත ජනතාවට සහන දෙන අය වැය හෙට

ravin Sunday, 13 November 2022 01:48 PM

පොදු ජනයාට සහන සලසන එක හොඳ වැඩක්, යස වැඩක්... 225ට සහන හා වාසි තියෙනවා නම් අන්න එතැන තමයි කොස්ස තියෙන්නේ...!

:       0       7

senaSunday, 13 November 2022 04:08 PM

අනේ නිකම් රවට්ටන්නේ නැතුව ඉන්න. බංකොළොත් වෙච්ච රට ගොඩ ගන්න මෙයා මොන වැඩපිළිවෙලද සාර්ථකව දියත් කළේ. කොයි පැත්තෙන්ද ආර්ථිකය සංවර්ධනය වුණේ. වෙච්ච එකමදේ ලැබිච්ච තුට්ටු දෙකේ සහනාධාරවලිනුත් හොරාකාපු එකලු.

:       3       1

fairoos Sunday, 13 November 2022 03:41 PM

අයවැය පරාජය විය යුතුයි මේ ඉන්න 225 ම එලවන්ඩ ඕනි ගොඩ ගන්න නම්.

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site