
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ශල්‍යකර්මයක් සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කළ 9 හැවිරිදි පිරිමි දරුවකු ශල්‍යකර්මයෙන් පසු පියවී සිහිය නොලබාම මිය මියගිය බවට පොලිසියට පැමිණිලි කර ඇත.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ අඟුරුවාතොට , හල්තොට ,පෙතිගමුව පදිංචිව සිටි හොරණ අශෝක විද්‍යාලයේ සිව්වන වසරේ අධ්‍යාපනය ලැබූ ධනුජ වික්‍රමආරච්චි දරුවායි.
මියගිය දරුවාගේ මුත්‍රා මාර්ගයේ ඇතිවූ රෝගී තත්ත්වයකට ඔහුගේ මව්පියන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට අනුයුක්ත වෛද්‍යවරයකු පිළියන්දල වෛද්‍ය මධ්‍යස්ථානයකදී චැනල් කර පෙන්වීමෙන් අනතුරුව වෛද්‍යවරයාගේ උපදෙස් මත ඉකුත් 17 වෙනි දින ඔහු සේවය කරන ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත ඇතුළත් කර තිබූ බව පොලිසිය කියයි.
පසුදින (18) දහවල් 01.30 ට පමණ අදාළ ශල්‍යකර්ම සඳහා නිර්වින්දනය කර ශල්‍යකර්මයට භාජනය කර ඇති අතර , එම ශල්‍යකර්ම අවසන් වුවද දරුවාට පියවී සිහිය ලැබී නැත.
අනතුරුව මව්පියන් හා ඥාතීන්ගේ බලවත් ඉල්ලීම මත රෝහල් බලධාරීන් එම දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩිසත්කාර ඒකකයට එදින සවස 6.45 ට පමණක් ඇතුළු කර ඇති අතර සිව් දිනකට පසු (22) පෙරේදා සවස 4.30 ට පමණ දරුවා මියගොස් ඇතැයි ඥාතීන් පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.
ඥාතීන් විසින් මිරිහාන පොලිසියට කරන ලද පැමිණිල්ලේ උද්‍රිත පිටපත් දරුවාගේ මරණය බොරැල්ල පොලිස් වසමේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිදුවී ඇති බැවින් බොරැල්ල පොලිසිය වෙත යොමු කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
දරුවාගේ මරණය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනෑම රටක කොතරම් දියුණු ක්‍රම තිබුණත් සැත්කමකදී මිනිසුන් මියයන්නට පුළුවන්. එය රෝහල්වල තිබෙන පහසුකම් මත වෛද්‍ය හෙදි සහ සහායක කාර්යමණ්ඩලේ දක්ෂතාව පළපුරුද්ද මත ලබාදෙන ඖෂධවල තත්වය වැනි කරුණු මත වෙනස් වෙනවා. එහෙත් මේ රෝහලේ මේ විදිහේ සිදුවීම් ප්‍රමාණය ඉහළ අගයක්. වහා මේ පිළිබඳව සොයා බැලිය යුතුයි...
සෞඛ්‍ය ඇමැතිතුමාටත් මේ බව අනිවාර්යයෙන් දන්වන්න.
ධනුජ වික්‍රමාරච්චි පුතා මින් මතු උපදින කිසිදු භවයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා...!!! නිවන් සුව අත්වේවා...!!!
ලංකාවෙ දොස්තරලගෙ වැරදින් සිදුවන කිසිම මරනයකට නිසි දඩුවමක් නෑ. වගකිය යුත්තෙක් නෑ. මෑතකදි කුඩා දරුවෙක්ගෙ වකුගඩුව ගලවල වික්ක. ලමය මිය ගියා. දිස්තරල දෙන්නම රට පැන්න. අදවෙනකන් කිසිම දඩුවමක් නෑ.නීති සිසුවියකගෙ වැරදි අතක් කැපුව. කිසිම දඩුවමක් නෑ. අලුත් ආන්ඩුවෙන්ව ත් මේකට පිලියමක් යෙදිය යුතුයි . දොස්තරලව Rate Review කරන්න පද්ධතියක් යෙදිය යුතුයි. නමුත් අලුත් ආණ්ඩුවෙත් ඉන්නෙ දොස්තරලම නිසා එයාලත් ඒ පැත්තම ගනී GMOA නඩයත් එලියට එන්නෙ පඩි වැඩි කරගන්නයි, දොස්තර කෙනෙක කවුරු හරි බැන්නොත් ස්ට්‍රීක් කරන්නයි විතරයි.
අනේ මන්දා මේ රට .බෙහෙතුයි දොස්තරල්යි ඔක්කොම එකයි . කිසි වගකීමක් නැහැ ජීවිත වලට .නරක බෙහෙත් නම් ඒවා පාවිච්චි නොකර ඉන්න ඕන
පව් දරුවා ළමයින්ට සුදුසු රෝහල්... රජිව් ළමා රෝහල් බේත් නෑ රෝහල්වල කිසිම වගකීමක් නෑ.