
(අංජුල මහික වීරරත්න)
2016 අංක 3 දරන සේවකයන්ගේ ජාතික අවම චේතන සංශෝධිත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ජාතික අවම වේතනය 17,500 දක්වාත්, ජාතික අවම දෛනික වේතනය රුපියල් 700/- දක්වාත් වැඩි කිරීමට හැකි වන පරිදි 2016 අංක 3 දරන සේවකයන්ගේ ජාතික අවම සංශෝධනය වේතනය කිරීම පනත පිණිස 2024-03-25 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ අවසරය ලැබී තිබේ.
එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව, අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද කාලේ ජීවන වියදම සහ උද්ධමනය අනුව පැයකට අවම වැටුප රු. 200 ක් ද, දිනක (පැය 8ක) අවම වැටුප රු. 1,500 ක් ද, දින 20 ක් වැඩ කරන මාසයකට අවම වැටුප රු. 25,000 ක් ද, දෙන පක්ෂයකට පමණක් චන්දය දෙන්න කියා සේවක ජනතාවගෙන් ඉල්ලමි. වේදිකාවල ගහන බොරු බයිලා, සුරංගනා කතාවලට රැවටෙන්න එපා.
හිනා යනවා ඕයි මේවා දැක්කම ...රාජ්‍ය සේවකයකුගේ (පහලම අයකුගේ )මාසයක අවම වැටුප 80,000/- ක් පමණ වෙනවා .පෞද්ගලික අංශයේ සේවකයින් ගේ ජාතික අවම වේතනය 17,500 දක්වා වැඩි කරනවාලු ..ට්‍රැක් ලන්තේ එවුන්ට මේවා ඇති චන්දෙ දෙන්න
හරක් ටිකක් පාර්ලිමේන්තුවට යවලා දැන් බැනලා වැඩක් නැ