(කේ බුද්ධික කුමාරසිරි)
ලංකා ගමනාගමන මණ්ඩලයේ පාඩු ලබන ඩිපෝ ආයතන පෞද්ගලික අංශයේ හෝ වෙනත් පාර්ශ්වයකට ලබා දෙන ලෙස මහා භාණ්ඩාගාරය මගින් දැනුම් දී ඇතැයි ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (21) දින පනාගොඩ දී පැවසීය
ඉන්දීය ණය ආධාර යටතේ ලැබුණු බස් රථ 40 ක් බෙදාදීම නිමිත්තෙන් පනාගොඩ අශෝක් ලේලන්ඩ් ආයතනයේ පැවැති සාකච්චාවකදී අමාත්‍යවරයා මෙම කරැණු අනාවරණය කළේය.
මේ වන විට රියදුරන් සහ කොන්දොස්තරවරැන්ගේ හිගය නිසාවෙන් බස් ඩිපෝ 107 ක බස් රථ 800 ක් ධාවනයෙන් ඉවත්ව ඇති බවත් ඒ වෙනුවෙන් රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතියට යටත්ව කොන්ත්‍රාත් පදනම යටතේ රියදුරන් සහ කොන්දොස්තරවරැ 1600 දෙනෙකු තාවකාලික පදනම මත බදවා ගැනීමට නියමිත බවද අමත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංගම බස් එකේ යනවා කියන්නේ දෙගුණයක් ගෙවලා යන එකට. එකවතාවක් කොන්දොස්තර ට ගෙවනවා. පසුව ලංගමයේ පාඩුව නිසා බදු සල්ලි වලින් ගෙවනවා. ඒ නිසා ප්‍රයිවට් බස් එකේ යන එක ලාබයි. අපි ගෙවන ගාස්තුවෙන් කොටසක් බදු විදිහට ආපසු ලැබෙනවා.
පාඩු ලබනවනම් එකට හෙතුවන කාරන සොයා බලල විසදුම් දීම තමයි කලයුත්තෙ. පාඩු ලබමින් තිබුනු බොහෝ ආයතන ළාබ ලබන ආයතන බවට පත්කල පුවත් අපි ඔනෙ තරම් අහලා තියෙනවා. ඉතින් එවැනි ආයතන පාලනය කරන ශෝ බුද්දිමත් පාලකයින්ගෙන් බන්දුල ඇමති තුමා උපදෙස් ගත්තොත් හොදයි නිකන් වෙලෙන්දෙකු වගේ කටයුතු කරන්නෙ නැතුව.
පිස්සු කියන්න ඒපා ලංගම ඩිපෝ ඔක්කොම ලාබයි
මධ්‍යගත පාලන ඒකකයක් මගින් මහජන සමාගමක් ගොඩනගා බස් සියල්ල ඒ සමාගම මගින් පාලනය කරන්න. නැතිනම් ප්‍රාදේශීය සමාගම් කීපයකට කඩන්න. ලාභාංශ මත ආදායම බෙදාදීම කර e-ticket හෝ කාඩ් ක්‍රමයක් ප්‍රවේශ පත්‍ර සඳහා ක්‍රියාත්මක කර කොන්දොස්තර මත යැපීම අඩුකරන්න. මාෆියා ගැසීම බරපතල අර්බුදයක්... කෙටිදුර ප්‍රවේශපත්‍ර නිකුත්කිරීම ලංගම බස් බොහෝමයක කරන්නේ නෑ...