(යොහාන් භාසුර)
ආර්ථික පීඩා හමුවේ අසරණ වූ ජනතාව විදුලිය විසන්ධි කිරීමෙන් තව දුරටත් පීඩාවට පත් කිරීම පිළිබඳ එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මහජන උපයෝගිතා කොමිසමට අද (23) පැමිණිල්ලක් කළේය.
ඒ මහතා එක්සත් ජනරජ පෙරමුණේ කාන්තා අංශය සහ පක්ෂයේ සාමාජිකයින් සමග පැමිණි එම පැමිණිල්ල කළ අතර පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සියයට 25 කින් විදුලි බිල වැඩි කිරීමට ගියද විරෝධය හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලය සියයට 18 කින් විදුලි බිල වැඩි කළ බවත් පාඨලී චම්පික රණවක මහතා කීය.
ලංකා විදුලි බල මණ්ඩලය පසුගිය වසරේ රුපියල් කෝටි 6000 ක ලාභ ලබා ඇති බවත් ඒ ලාභය ගැනීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය සහ ලෙකෝ ආයතනය දශ ලක්ෂ හැට නම දහස් පන්සීය තිස් නවයකගේ (1,069,539) විදුලිය විසන්ධි කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උඹත් මේ පැමිණිල්ලේ විත්තිකාරයෙක්