(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරේ සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් තමාට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනු කර ඇති නඩුවේ විභාගය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික මහතා ගොනු කර ඇති පෙත්සම අභියාචනාධිකරණය අද (29) ඉවත දමනු ලැබීය.

මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවෙල යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම ප්‍රතිශෝධන පෙත්සම අද (29) කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි .