
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජනරජ පෙරමුණේ 'දේශය වෙනුවෙන් එක්වන පියවරක්' ප්‍රතිපත්ති ප්‍රකාශය එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S Dzhagaryan මහතාට පිළිගන්වනු ලැබීය.
ශ්‍රී ලංකාවේ රුසියා තානාපති කාර්යාලයේදී මෙම පිළිගැන්වීම සිදු කෙරිණි.
මෑතකදී ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුණු රුසියානු සංචාරකයන් මුහුණ දුන් හිංසාකාරී සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණ විසින් නිකුත් කරන ලද නිවේදනය සම්බන්ධයෙන් ද මෙහිදී රුසියානු තානාපතිවරයා සිය කෘතඥතාව පළ කර තිබේ.
එක්සත් ජනරජ පෙරමුණ වෙනුවෙන් මෙම අවස්ථාවට නායක පාඨලී චම්පික රණවක, පක්ෂයේ සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, දේශපාලන මණ්ඩල සභාපති කරූ පරණවිතාන, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රෝහණ පී. මහලියනආරච්චි, උප සභාපති වෛද්‍ය හර්ෂ ගමගේ මහත්වරු සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හලෝ ලෝකෙට බෙදන්න ඉස්සෙල්ලා රටේ ජනතාවට බෙදනවා. මේ රටේ ජනතාවයි ඔබට දෙනවා නම් ඡන්දේ දෙන්නේ...