(ඩයනා උදයංගනී)
පෙට්‍රල් ආනයනය කිරිම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තුවකට එළඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව ලබන ඔක්තෝබර් 1 වැනිදා සිට 2020 මැයි 31 වැනිදා දක්වා මාස 8ක කාලයක් තුළ පෙට්‍රල් බැරල් නව ලක්ෂයක් ආනයනය කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව සිංගප්පූරු සමාගමකට පිරිනැමීමට මහාමාර්ග, මාර්ග සංවර්ධන සහ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අනුමැතිය හිමිව ඇත.
අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි මෙම කොන්ත්‍රාත්තුව අදාළ සමාගමට පිරිනැමීමට තීරණය කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසන්ත දී මෙල් අත්සන් කරපු ගිවිසුම වගේ වුණොත් රනිල් හිරේ යනවද? කබීර් යනවද?..
මෙයාලත් හෙජින් ගේමකටද සෙට් වෙන්නේ කියලා සැකයි. නැතිනම් ලෝක වෙළඳපලේ ඉන්ධන මිල වැඩිවෙමින් පවතින අවස්ථාවක ඇයි මෙවැන්නකට සූදානම් වෙන්නේ?
පැරදිලා යන්න කලිනුත් කොමිස් ගන්න තමා කල්පනාව.
ආයෙත් හෙජින් වලට යනවද? කීයටද ගන්න යන්නේ?
ප්‍රමුඛ පෙලේ චීන රාජ්‍ය සමාගමක් අතුරුදහන් කරවූ ජනපතිට අපේ උපහාරය . වෙන කාටද මෙහෙම වැඩ කරන්න පුළුවන් ?
මේ අනුමැතිය දීලා තිබෙන්නේ ලංකාවට පෙට්‍රල් මිලදී ගන්න. ලංසු කැඳවීමකින් පස්සේ තෝරා ගත් සමාගමකට. හෙජින් කියන්නේ මිල උච්චාවචන වලට මුහුණ දෙන්න ඇති කරගන්න ගිවිසුම් වර්ගයක්. ඒක වැරදි නෑ. ඒත් වැරදි කොන්දේසි මත එකඟ වුණොත් විශාල පාඩුවෙන්න පුළුවන්. හෙජින් කියන්නේ මොකක්ද? ඇයි ඒකෙන් පහුගිය ආණ්ඩුව කාලේ පාඩු වුනේ කියලා මෙලෝ දෙයක් නොදන්න අයත් මෙතන බහුබූත කියවනවා...
එහෙමනං කබීර් ගොඩ...
අරහේ සෞදියේ පිරිපහදු විනාශ කරලා තෙල් මිල ලෙල්ලටම නැගලා තියෙද්දී දීර්ඝකාලීන ගිවිසුම් ගහන්න යන ආණ්ඩුවක් අායෙත් පත්කරන්න ඔබේ වටිනා ඡන්දය දෙන්න...
මෝඩ වැඩක්. ලෝක වෙළඳ පොලේ තෙල් අඩුවෙනවා. ලෝක ආර්ථික අවපාතයත් එක්ක ඉස්සරහට... සෞදි සිදුවීමෙන් දවස් දෙකකදී වැඩිවීමක් විතරයි වුනේ...
මේ කොන්ත්‍රාත්තුව දීලා තිබෙන්නේ 2012 බාල තෙල් දීලා අසාදු ලේඛන ගතවෙච්ච කොම්පැනියට කියලා අද ප්‍රසිද්ධ පුවත්පතක් කියනවා. එහෙනම් මේ ගොල්ලෝ හොඳ කොමිස් එකක් ගහලා ඇති නේද?