
(අංජුල මහික වීරරත්න)
පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය (Floating Market) වසර තිහක බදු පදනමක් මත ජපන් ආයෝජකයකුට ලබාදීමට තීරණය කර තිබේ.
ඒ සඳහා වන මූලික අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් සහ ජපන් ආයෝජක අකිර හිරෝස් (Akira Hirose) මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, නාගරික සංවර්ධන අධිකාරීයේදී අද (27) දින සිදු කෙරුණි. ඒ අනුව පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය කළමනාකරණය හා පවත්වාගෙන යාම මෙම ජපන් ආයෝජනය මඟින් සිදු කෙරේ.
මෙම පාවෙන වෙළඳ සංකීර්ණය නිසියාකාරව නඩුත්තු නොවන බවට පසුගිය කාලය පුරාවට නාගරික සංවර්ධන අධිකාරියට විවිධ චෝදනා එල්ල වූ බැවින් මෙම පියවර ගත් බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය කියයි. ආර්ථික ප්‍රශ්න නිසා නිවාස සංවර්ධන අධිකාරියේ මුදල් යොදවා මෙය සංවර්ධනය කිරීමට අපහසු බැවින් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ හෝ සංවර්ධනය කිරීමට කටයුතු කරන ලෙස නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දී තිබිණි.
ජපන් නගරය හා පාවෙන වෙළඳපොළ යන තේමාවෙන් පාවෙන වෙළඳ සංකීර්ණය සංවර්ධනය කිරීමට නියමිතය.සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති කාලය මාස 6කි.
පිටකොටුවේ බැස්ටියන් මාවතේ පිහිටි පාවෙන වෙළඳපොළ වෙළඳ කුටි 92 කින් සමන්විතය. බේරේ වැවේ බෝට්ටු මත ස්ථාපිත වෙළඳ කුටි ගණනාවක් ද එහි තිබේ.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී ඇත්තේ දැනට එහි වෙළදාම් කටයුතු සිදු කරන කඩ හිමියන්ට කිසිදු අසාධාරණයක් නොවන අයුරින් මෙය සංවර්ධනය කිරීමට පියවර ගන්නා ලෙසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද ප්‍රශ්න විසඳන හැටි පට් පට් ගාලා.., ලංකාවේ පාර්ලිමේන්තුවත් හරියට වැඩක් කරන තැනක් නොවෙයි, ඡන්දයක් දෙන්නත් පගාව දෙන්න ඕනෑ.... කුණුහරුප කියනවා ගහමරා ගන්නවා කෙළවරක් නැහැ. ඒ නිසා ඒක බැරිද දන්නේ නැහැ.. ඒකත් චීනෙක්ට, ජපනෙක්ට බැරිනම් කොරියන් කාරයෙක්ට හරි දීලා දාන්න.
ඒ මොකද ජපානයට දෙන්නේ? රට පුරාම පඬුරක් පඬුරක් ගානේ ඉන්න චීනා ඕවා ගන්න ඉදිරිපත් වුණේ නැද්ද?
අපේ රජයක් යටතේ මේ ව්‍යාපෘතිය ආන්ඩුවට පවරා ගන්නවා.. ජනපති පුතාණෝ... අපේ රජයක් යටතේ මේ ගිව්සුම් අවලංගු කරලා යළි අලුතින් සාකච්ඡා කරනවා (ජනපති වෙලා ඉවර කෙනා. ඒ ඔක්කෝම අහගෙන බලා ඉන්න අපි...)
ඔය වෙළඳසැල් පාඩු ලබන්නේ අනවසර වෙළඳාම නිසා කියලා හිතෙනවා... ඒවා ඉවත්කර දෙනවා නම් ඕනෑ කෙනෙකුට කරන්න පුළුවන් වේවි එක් අවස්ථාවක අනවසර ඉදිකිරීම් ඉවත්කරන්න ගියාම කාගේද රටකන කාළකණ්ණි දේශපාලුවෙක්ගේ ලේකමෙක් බාධා කළා කියලා එය නතර කළාලුනේද? ඉතින් අතීසාරයට අමුඩ ගහන්නේ නැතුව හරියාකාරව අවශ්‍ය ප්‍රතිකාර කරන්න.
ඒකත් හොඳයි. ජපන්නු පිරිසිදුවට, ලස්සනට වැඩකරන හැටි බලාගෙන හොඳ දේවල් අනුකරණය කරන්න... ලංකාවේ හෝටල් නමින් පවත්වාගෙන යන තේ කඩ මෙලොව අපායවල්... හූනෝ, කැරපොත්තෝ, මීයෝ, වැඩකරන 99%ක් වැසිකිළියට යාමෙන් පසු සබන් දමා අත හෝදන්නේ නැත..!
දැන් එතකොට සංචාරක කර්මාන්තේ සල්ලි යන්නෙත් ජපානයටද?
රටේ සම්පත් විකුනගෙන කාල තමන්ගේ කාලය යන්තම ගැට ගහ ගන්න හදන මේ වගේ ඇමතියන්ට පඩි දෙන්න හොද නැහැ.කිසිිමදක්ශ කමක් හැකියාවක් නැතිව රටේ කරුමෙට පාර්ලිමේන්තුවේ ඇමති කෙනෙක් වෙලා මොනවද මේ කරන්නේ.කර ගන්න බැරි නම් විකුනනව.ඒ උනාට කයිය නම්.
ප්‍රධානාගාරය වෙලත් පිළිසකර කරලා ආදායමක් ලබාගන්න බැරිනම් මොකටද?