එච්.එම්. ධර්මපාල
පිටකෝට්ටේ එපිටමුල්ල දෙමහල් නිවසක් තුළ සුක්ෂම ලෙස සඟවා තිබූ කොටි සංවිධානය භාවිතා කළ බවට සැකකරන ජීව උණ්ඩ 193 සහ අරුල් 89 වර්ගයේ ආර්.පී.ජී. උණ්ඩයක් සමඟ සැකකාර කාන්තාවක් අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය පවසයි.
නිවසේ සිටි කාන්තාවගෙන් ප්‍රශ්න කිරිමේ දී පවසා ඇත්තේ මෙම උණ්ඩ පෞරාණික භාණ්ඩ වශයෙන් නිවසේ අලංකරණයට තබා ගැනීමට ගෙනවිත් තිබූ බවයි.
නිවසට උඩුමහලට පිවිසෙන ස්ථානයේ පඩිපෙළ යට ඉදිකර ඇති විසිතුරු අල්මාරියක් තුළ ඉටි බෑග් කිහිපයක ඔතා කොටියකුගේ ලාංඡනයක් සහිත බෑගයක අසුරා තිබීයදී සොයා ගනු ලැබීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කාලේ යෝදියන්ටත් පුදුමාකාර ආසාවල් තියෙන්නෙ අප්පා
මේක තමා බිස්නස් එක.
ඔන්න ඕකයි තත්ත්වේ....
අල්ලපු කට්ටිය මහජාතිය හින්දද? නමක්, ගමක් කිව්වේ නැත්තේ..