(මහින්ද නිශ්ශංක සහ කීර්ති ප්‍රනාන්දු)
ආනයනික තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක තොග මිල තවත් රුපියල් 25 කින් අඩු කළ බව පිටකොටුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
ඒ අනුව රුපියල් 290 ක් ව පැවති ආනයනික තිරිඟු පිටි කිලෝවක නව තොග මිල වන්නේ රුපියල් 265 කි.
ඉකුත් සතිය තුළ ද ආනයනික තිරිඟු පිටි තොග මිල පහත දැමීමට ආනයනකරුවන් පියවර ගෙන තිබිණ.
කෙසේ වෙතත් මෙරට ප්‍රධාන තිරිඟු පිටි නිෂ්පාදන සමාගම් දෙක තිරිඟු පිටි මිල අඩු කිරීමට මෙතෙක් පියවර ගෙන නොමැති බැවින් ආනයනික තිරිගු පිටි මිල අඩු කළ ද බේකරි නිෂ්පාදන වල මිල පහත දැමීමක් සිදු කිරීමට නම් එම පිටි සමාගම් දෙකේ සහ ආනයනික තිරිඟු පිටි තොග මිල රුපියල් 250ක් දක්වා මිල පහත දැමිය යුතු බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති කේ ජයවර්ධන මහතා කියා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් කිව්වේ 270/= අඩු කලොත් බේකරි නිෂ්පාදන මිල පහල දමනවා කියලා දැන් 250/= ලු අනේ මන්දා ?
කිරි අප්පට එහෙනම් පාන් නොමිලේ දෙන්න පුළුවන්.