(යොහාන් භාසුර)
පිටු දෙකකින් යොමු කර තිබූ චෝදනා පත්‍රයට පිටු 25 කින් පිළිතුරු යොමු කළ බවත් ස්වාධීන කොමිසමක් ලෙස මහජන උපයෝගිතා කොමිසම කටයුතු කිරීම මෙම චෝදනා පත්‍රයට හේතුය යැයි පෙණෙන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (28) පැවසීය.
චෝදනා පහකින් යුත් එම චෝදනා පත්‍රයට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අස්සන් කර ඇති බව කී රත්නායක මහතා එහි ඇතැම් චෝදනා විමතිය දනවන ඒවා බව ද සඳහන් කළේය.
උසස් පෙළ සිසු දරුවනන්ට විභාග කාලයේදී විදුලිය ඉල්ලා අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කිරීම එහි පළමු චෝදනාව බවත් එම නඩුවේදී තමන් බලය ඉක්මවා අතත්නෝමතිකව කටයුතු කළ බව දෙවැනි චෝදනාව බවත් ඒ මහතා කීය.
තුන්වැනි චෝදනාව ලෙස තමන් විදුලිය විකිණීමේ කාර්යක නිරත වන බවට චෝදනා පත්‍රයේ සඳහන්ව ඇති බව කී රත්නායක මහතා පසුගිය පෙරවාරි 15 වැනිදා විදුලි ගාස්තු සියයට 65 කින් ඉහළ දැමීමට කළ යෝජනාවට විරුද්ධ වීම සිවුවැනි චෝදනාව බව ද සඳහන් කළේය. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉලක්ක කරමින් ප්‍රකාශ නිකුත් කළ බවට පස්වැනි චෝදනාවේ සඳහන්ව ඇති බවත් තමන් එම සියලුම චෝදනාවට පැහැදිළිව පිළිතුරු සැපයූ බවත් ඒ මහතා කීය.
සභාපති ධූරයෙන් ඉවත්කිරීමට නම් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 113 ක ඡන්දයෙන් යෝජනාව සම්මත වියයුතු බව ද කී ඒ මහතා පැවසුවේ එම යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත වී සභාපති ධූරයෙන් ඉවත් කළ හොත් කිසිඳු හිතේ අමාරුවක් නොමැති බව ද සඳහන් කළේය.
ස්වාධීන කොමිසමක් ලෙස මහජන උපයෝගිතා කොමිසම ජනතාව වෙනුවෙන් කටයුතු කළ බවත් ස්වාධීන කොමිසම් සම්බන්ධයෙන් ආණ්ඩුව කටයුතු කරන ආකාරය පිළිබඳව මෙම චෝදනා පත්‍රයෙන් හොඳ අදහසක් ගතහැකි බවත් ජනක රත්නායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
කොල්ලුපිටියේ පිහිටි මහජන උපයෝගිතා කොමිසමේ කාර්යාලයේදී අද (28) පැවැති විශේෂ මධ්‍ය හමුවේදී එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එසේ පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පිටු දෙකක චෝදනාවට පිටු 25 කින් උත්තර යැව්වා