(අංජුල මහික වීරරත්න)
කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
කොළඹ මහ නගර සභාවේ නගරාලංකරණ ව්‍යාපෘති සම්බන්ධීකාරක ඉංජිනේරු කුමුදු බෝගහවත්ත මහතා සඳහන් කළේ කොළඹ පාවෙන වෙළඳ සංකීර්ණය ඉදිරිපිට තිබී ඉකුත්දා කඩා ඉවත් කළ කඩ 21ද එලෙස ජාවාරම්කරුවන් විසින් ඉදිකර තිබූ අනවසර ඉදිකිරීම් බවයි.
ජාවාරම්කරුවන් විසින් එම වෙළඳසැල් වෙනත් පුද්ගලයන්ට දවස් කුලියට බදු දී තිබෙන බවට අනවරණය වී තිබෙන බවද හෙතෙම පැවසීය. අනවසර ඉදිකිරීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණු පළමු අවස්ථාවේදීම එය ඉවත් කිරීමට නගර සභාව පියවර ගන්නා බවයි. ෙ
මෙවැනි සංවිධානාත්මක ජාවාරම්කරුවන්ට හසු වී තම මිල මුදල් නිකරුණේ නාස්තිකර නොගන්නා ලෙස කොළඹ මහ නගර සභාව හා නාගරික සංවර්ධන අධිකාරිය ඉල්ලා සිටී.
කොළඹ පාවෙන වෙළඳ සංකීර්ණය ඉදිරිපස තිබූ වෙළඳසැල් ඉවත් කිරීම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සම්බන්ධයෙන් කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් නාගරික සංවර්ධන අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මහින්ද විතානාරච්චි මහතා සඳහන් කළේ මෙයට පෙර 2013 වසරේදීද මෙම ස්ථානයේ ඉදිකර තිබූ අනවසර වෙළඳසැල් 73ක් ඉවත්කර කොළඹ බැස්ටියන් මාවත හා ඒ අවට ප්‍රදේශය ජනතාවට ආකර්ෂණයක්වන ලෙසට සංවර්ධනය කිරීමට පියවර ගත් බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාගල කියලා පොරක් පහුගිය කාලේ අනවසර වෙළෙඳුන්ට අයි.ඩී එකකුත් දුන්නා. කහඳගමගේ කියලා කෙනෙක් කඩවලින් කප්පම් එකතුත් කරනවා...
ඔය හැම ජාවාරමක් පිටුපසම දේශපාලුවන් ඇති බවත් සඳහන් කළා නම් තමයි වඩාත්ම සුදුසු...
පැමිණිල්ලක් එනතුරු බලා නොසිට පරීක්ෂා කර අවශ්‍ය දේ කිරීම නගර සභාවේ වගකීමක් යැයි මම සිතමි.
බොරු පම්පෝරි නැතිව ඕල්කට් මාවතේ පදික වේදිකාව දිගටම අටෝලා තියෙන වදක වෙළඳුන්ගේ අට්ටාල ටික අයින් කරමුද? මාර වදයක්... පදික වේදිකාවේ යන්න ඉඩක් නැහැ.