(මනෝප‍්‍රිය ගුණසේකර)
හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරමින් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ලබාදුන් නියෝගයට එරෙහිව නීතීපතිවරයා ඉදිරිපත් කර ඇති ප‍්‍රතිශෝධන ඇයැදුම්පත සම්බන්ධ තීන්දුව හෙට (9) කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා හමුවේ ප‍්‍රකාශ කිරීමට නියමිතය.
පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප‍්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක‍්‍රියා නොකිරීම සම්බන්ධයෙන් මොවුන් දෙදෙනාට එරෙහිව චෝදනා ගොනුකර තිබේ.
මෙම ප‍්‍රතිශෝධන ඇයැදුම්පත සම්බන්ධයෙන් දෙපාර්ශවයේම නීතීඥවරුන් විසින් ඉදිරිපත් කරන ලද වාචික හා ලිඛිත දේශණ සළකා බැලීමෙන් පසුව මේ සම්බන්ධයෙන් තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීම සඳහා මෙලෙස දින නියම කෙරිණි.
මෙම ප‍්‍රතිශෝධන ඇයැදුම් පත සම්බන්ධයෙන් නීතීපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතාද, වගඋත්තරකාර හේමසිරි ප‍්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ පේ‍්‍රමරත්න මහතාද, වගඋත්තරකාර පුජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුර මැද්දේගොඩ මහතාද දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා සහගහන අපරාධ... මේ අහිංසකයන් දෙදෙනා නිදොස් මේ සිදුවීම් පසුපස ඉන්නේ දේශපාලකයන් ඔය දැන් පේන්නේ ජාතික ආරක්ෂාව කියකිය බෙරිහන් දෙන්නේ එයාලට ඔයටික බෙරිහන් දෙන්න ඔහොම දෙයක් වෙන්න ඕනේ වුණා. එහෙමනම් ඒ කාගේ වුවමනාවටද?
රට වැසියෝ බුද්ධිමත් ජනාධිපති මැතිවරණයේදී පෑනෙන් කතිරෙන් මිනිමරවෝ පරාජය කරාවි මේවා සහ ගහන අපරාද මේ අහිංසකයෝ දෙදෙනා නිදොස් එකයි එදා තීන්දු කලේ
රාජපක්ෂලාගේ දරුණු ප්ලෑන්... මේවා සහගහන අපරාධ... මේ අහිංසකයන් දෙදෙනා නිදොස්.. මේ සිදුවීම් පසුපස ඉන්නේ දේශපාලකයන්... ඔය දැන් පේන්නේ ජාතික ආරක්ෂාව කියකිය බෙරිහන් දෙන්නේ එයාලට ඔයටික බෙරිහන් දෙන්න ඔහොම දෙයක් වෙන්න ඕනේ වුණා. එහෙනම් ඒ කාගේ වුවමනාවටද? දැන් ඇස්පනාපිට පේන්නේ වගකිව යුත්තන්...
මේ මිනිස්සු අහිංසකයි. මේවා පරම්පරා ගාණකට සහගහන අපරාධ....!