
(අංජුල මහික වීරරත්න)
මෙම වසරේදී පුජා භූමි 20ක් ගැසට් මගින් ප්‍රකාශය කිරීමට අපේක්ෂා කරන බව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පවසන්නේ මේ වසරේ මේ වනවිට පූජා භූමි නවයක් ගැසට් කර ඇති බවයි.
හම්බන්තොට උද්ධකන්දර රජමහා විහාරස්ථානය, කුරුණෑගල දඹදෙණිය රජමහා විහාරස්ථානය, මොනරාගල කොටසර පියංගල රජමහා විහාරස්ථානය, පුත්තලම වෙහෙරගල රජමහා විහාරස්ථානය, නුවරඑළිය බඹරකැලේ රජමහා විහාරස්ථානය, කොළඹ බටපොත ශ්‍රී සුධර්ශනාරාම පුරාණ විහාරස්ථානය, හම්බන්තොට වාඳුරුප්ප ථේරපුත්තාභය රජමහා විහාරස්ථානය, කෑගල්ල කඩිගමුව ශ්‍රී නාගවනාරාමය සහ මාතලේ ක්ෂේත්‍රාරාම රජමහා විහාරස්ථානය ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මැයි 21 දින සිට මැයි 27 දක්වා මාතලේ නගරය කේන්ද්‍ර ගත කර ගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබේ. රාජ්‍ය වෙසක් උත්සවයේ සමාරම්භය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර එහිදී මාතලේ ක්ෂේත්‍රාරාම රජමහා විහාරස්ථානය පූජා භූමියක් ලෙස සංවර්ධනය කිරීමට අදාල සන්නස් පත්‍රය ලබා එහිදී දීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා තනිකරම සල්ලි කන මෝඩ වැඩ . පන්සලක තියන ආගමික පරිසරය නැතිකරලා පුළුවන් තරම් , මකර තෝරන්, වලකුළු තාප්ප , ගන්ටර කුළුණු , පහන් කණු , බොඩි ප්‍රකාර, එකී මෙකි නොකී හැම දේම පන්සල් වතු පුර හදල , ලස්සනට තියන තැන් සිමෙන්ති වලින් පුරවල ස්වබාවික ලස්සන ආගමික පරෝසර විනාශ කරනවා . ලංකාවට පුජ නගර හොදටම ඇති.