
(සුජිත් හේවාජුලිගේ)
පළාත් පාලන ආයතන339න් එකසිය හැත්තෑ අටක් සභික නම් ලැයිස්තු භාරදීම ප්‍රමාද වීම ප්‍රධානීන් පත් නොකිරීම හා විවිධ නීතිමය ගැටලු හේතුවෙන් අද(2) දිනයේ ස්ථාපනය කිරීම ගැටලුකාරී වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිකුත් කළ ගැසට් නිවේදනය අනුව සියලුම පළාත් පාලන ආයතන අද දිනයේ පිහිටුවා අවසන් කළ යුතුවේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසූවේ පළාත් පාලන ආයතන තුන්සිය තිස් නවයට අදාළව මෙතෙක් ලැබී ඇති සභික ලැයිස්තු ගැසට් කර ඇති බවයි.
එසේම සියයට පනහකට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලැබූ ( බහුතරය ලැබූ) පළාත් පාලන ආයතන 161ක නගරාධිපතිවරුන් නියෝජ්‍ය නගරාධිපතිවරුන් සභාපතිවරුන් සහ උපසභාපතිවරුන් පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ බවද ඔහු සඳහන් කළේය.
කොළඹ මහ නගර සභාව ඇතුළු තවත් සභා 178ක නගරාධිපතිවරුන් නියෝජ්‍ය නගරාධිපතිවරුන් නගර සභාපතිවරුන් සහ උපසභාපතිවරුන් ගැසට් කිරීමට තිබෙන බව සභාපතිවරයා ප්‍රකාශ කළේය.
පළාත් පාලන ආයතන 161ක නම් ලයිස්තු සම්පූර්ණ බවත් එම සභා අද පිහිටුවීමට ගැටළුවක් ඇති නොවන බවත් මැතිවරණ කොමිසම පවසයි.
පළාත් පාලන ආයතන සඳහා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සියලුම සභිකයන්ගේ නම් ලැයිස්තු මැයි 30 මධ්‍යම රාත්‍රී 12ට පෙර දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන්ට භාර දිය යුතු බවට මැතිවරණ කොමිෂන් සභාව ඉකුත්දා නියෝග කළේය. එහෙත් ඇතැම් දේශපාලන පක්ෂ සමහර ලැයිස්තු තවමත් භාරදී නොමැත. මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස් ආලෝක බණ්ඩාර මහතාගෙන් කරුණු විමසීමට උත්සහ දැරුවද එය ව්‍යාර්ථ විය.
අවශ්‍ය බහුතරය නොමැතිකම හේතුවෙන් කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 178ක නගරාධිපතිවරුන් නියෝජ්‍ය නගරාධිපතිවරුන් සභාපතිවරුන් උපසභාපතිවරුන් ඡන්දයෙන් තෝරා පත් කර ගැනීමට සිදුව ඇත. මෙම ඡන්ද විමසීම් පළාත් පාලන කොමසාරිස්වරයා විසින් ලබන සතියේදී සිදුකෙරෙනු ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයතනේ නැතිවුනාට මෙච්චර කල් ඔය පලාත් තිබුණනේ. ගිලාබැස්සේ නෑනේ. ඒක හින්ද දිගටම ඔහොමම තිබුණාවේ. පගා කොමිස් පප්පලට යන සල්ලිත් ඉතුරුයි.
විකෘති මැතිවරණ ක්‍රමය සහ දේශපාලකයන් සියල්ලට උඩින් ඉන්න හන්දා මැතිවරණ කොමිසම හෝ රාජ්‍ය පරිපාලනය කියන දේවල් පයිසෙකට ගණන් ගන්නේ නෑ. හෝ විපක්ෂයේ හවුල් කණ්ඩායම් හැදෙන තුරු මැතිවරණ කොමිසම ඔවුන්ට අවස්ථාව දීලා තියෙනවා.
නගරසභාව, මහනගර සභා හැරුණාම අනිත් සභා ඔක්කෝම ගුල්ලෝ ගහලා වගේ කිසිම වැඩක් නෑ... ජනතා බදු මුදල් නාස්ති වෙන එක විතරයි වැඩේ. අපේම නෑයෙක් ඉන්නවා.. එයා ගමට කර ගත්තේ තමාට කියලා බස් 4-5ක් දාගත්තු එක විතරයි. දැන් නම් වංචා, දුෂණ වලට නඩු වැටිලා...
සභික නම් ලැයිස්තුව නිසි වෙලාවට බාර නොදුන්නොත් ඊළඟට කරන්න ඕනෑ දේ මැතිවරණ පනතේ ලියලා ඇති ඒක නොකර මැතිවරණ කොමිසම කෙකර ගාන්නේ විපක්ෂයේ අර්බුද නිමා කර ගන්නාතුරු වෙන්න ඕනෑ. රනිල් වික්‍රමසිංහ පත් කෙරුව විපක්ෂයට පක්ෂපාති ස්වාධීන මැතිවරණ කොමිසම අනුර කුමාර කරේ තියාගෙන යන ගමන් කෙඳිරිත් ගානවා.
පළාත් පාලන ආයතන ලැයිස්තු බාරදීම ප්‍රමාද වීම, ප්‍රධානීන් පත් නොකිරීම හා විවිධ නීතිමය ගැටළු පිළිබඳ ජනතාව දැනුවත් කිරීම මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් පමණක් සිදුවිය යුතු අතර වෙනත් කිසිවකු හෝ කිසිඳු පාර්ශවයක් විසින් ඒ පිළිබඳ අදහස් හෝ මත නොකළ යුතුවේ. මැතිවරණ පිළිබද ප්‍රකාශ නිකුත් කිරීම මාධ්‍යයට අදහස් දැක්වීම මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් සිදුවිය යුතු වේ..