IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පුංචි මන්ත්‍රී සභාවේදී සරම උස්සා පිහියක් පෙන්නයි

(වයි.ඵ්.ඵස් වීරවංශ)

බලංගොඩ නගර සභාවේ මන්ත්‍රීවරයකු අද පැවැති මාසික සහා රැස්වීමේදී රමිබෝ වර්ගයේ උල් පිහියක්  ප්‍රදර්ශනය කිරිම සභාවේ නොසන්සුන් තාවයක් ඇති විය.

හිටපු සභාපතිවරයකු මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මෙම මන්ත්‍රීවරයා සභාවේ ටික වෙලාවක් සභාවේ රැදි සිට පිටව යාමට සූදානම් වෙද්දී ඇඳසිටි සරමට යටින් කකුලේ ගැට ගසා තිබුණු උල් පිහිය සභාවට ප්‍රදර්ශනය කළේය .

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැක්වූ බලංගොඩ නාගරික මන්ත්‍රීනි සුනේත්‍රා ඩී වීරසිංහ මහත්මිය (එක්සත් ජාතික පක්ෂය) මෙවැනි ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් සභාවට අවි ආයුධ රැගෙන ඵ්ම සභාවේ සැමගේ ජීවිතවලට මහත් තර්ජනක් බව සදහන් කළාය.

බලංගොඩ නාගරික මන්ත්‍රීනි එම් චන්ද්‍රලතා මහත්මිය (ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ) සභාවට කරුණු දක්වමින් මෙසේ කීවාය

අවි ආයුධ ගෙනත් සභිකයන් බිය වැද්දීම තරයේ හෙලා දකිනවා. සභාවේ නිදහසේ අදහස් ප්‍රකාශ කිරිමට මන්ත්‍රීවරුන්ට අයිතිය තිබිය යුතුයි.

බලංගොඩ නගර සභාවේ සභාපති වසන්ත කුමාර ගුණරත්න මහතා අදහස් දක්වමින් හිටපු සභාපතිවරයා මෙලෙස හැසිරීම තමන් තරයේ හෙලා දකිනවා. සෑම මන්ත්‍රී වරයකුම ආරක්ෂා කිරීම තමන්ගේ වගකීමක් බව ඔහු සදහන් කළේය.

 



අදහස් (7)

පුංචි මන්ත්‍රී සභාවේදී සරම උස්සා පිහියක් පෙන්නයි

Kule Wednesday, 14 September 2022 12:19 PM

මෙයාලා දියවන්නාවට ගියොත් ඔයවගේම මල්ටිබැරල් පෙන්නයි.

:       0       11

ලුම්බිණි Wednesday, 14 September 2022 01:05 PM

මේ වගේ අය කොහේ ගියත් සරම උස්සසනවා. පක්ෂය අදාළ නැත.

:       0       7

fairoos Wednesday, 14 September 2022 02:41 PM

මේවට පොලිසි යන්න බයද?

:       0       5

Hafeel Wednesday, 14 September 2022 04:23 PM

හම්බන්තොට හිටපු නගරාධිපතිගේ සෙල්ලම් පිස්තෝලය කියලා කියපු පොලිසිය මේකටත් කියාවි සල්ලම් රම්බෝ පිහියක් කියලා...!

:       0       0

ගමේ එකාලා Wednesday, 14 September 2022 05:15 PM

හොඳ වෙලාවට පිහිය විතරක් පෙන්නලා නතර උනේ?

:       0       2

Bamunuarachchi Wednesday, 14 September 2022 05:27 PM

ඇයි ඔයි එවලේම පොලිස්සියට දැන්නුවේ නැත්තේ? එකත් අපි කියලා දෙන්න ඔනේද?

:       0       2

Bamunuarachchi Wednesday, 14 September 2022 05:30 PM

හොඳටම ෂුවර්ද දැක්කේ රම්බෝ පිහියක් කියලා..?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site