
(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි සී.ටී.ස්කෑන් යන්ත්‍රය අක්‍රීයවීම හේතුවෙන්රෝගීන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මාසයක පමණ කාලයක සිට මෙම තත්ත්වය පැවතීම මත හදිසි අනතුරුවලට ලක්වන රෝගීන් මෙන්ම හදිසි පරීක්ෂණ කිරීම පිනිස රාගම සහ කොළඹ ජාතික රෝහල් වෙත රෝගීන් මාරුකර යැවීමට සිදුව ඇති බව මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී අනාවරණය.
ගම්පහ රෝහලට ඉතා අවශ්‍යව පැවති මෙම ස්කෑන් යන්ත්‍රය මීට වසර කිහිපයකට පෙර ලැබී ඇති අතර මේ වනවිට ඊට යෙදිය යුතු කොටසක් සවිකළ යුතුව ඇති මුත් අදාල සමාගමෙහි වගකීම් කාලය අවසන් බැවින් වාර්ෂික සේවා ගිවිසුම සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අත්සන් කිරීම සිදු නොවීම මත මෙය අලුත් වැඩියා කිරීම පමාවී ඇති බව දැනගන්නට ඇත.
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේදී දෛනිකව අවම වශයෙන් හදිසි රෝගීන් 10 - 15 ක් පමණ සී.ටී.ස්කෑන් පරීක්ෂණ සදහා යොමු කිරීමට සිදුවන තත්ත්වයක් පවතින බැවින් දැනට යන්ත්‍රය අක්‍රීයව පැවතීම හේතුවෙන් රෝගීන් වෙනත් රෝහල් කරා යැවීමට සිදුව තිබීම කෙරෙහි අවධානය යොමු කොට එය අලුත්වැඩියා කිරීමට අදාල බලධාරීන් අවශ්‍ය පියවර ගතයුතුව ඇත.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුංචි දෝෂයක් නිසා ගම්පහ රෝහලේ ස්කෑන් නැවතිලා