IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පුංචි දරුවන් ගෙදර දමා තහනම් ගහේ ගෙඩි කන්න ගිය මව

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කුඹුක්ගැටේ ප්‍රදේශයේ   පදිංචි කාන්තාවක ඇයගේ හත් හැවිරිදි දියණිය සහ දෙහැවිරිදි පිරිමි දරුවා අනාරක්ෂිත ලෙස නිවෙසේ අතහැර දමා හොර රහසේ ප්‍රදේශය අතහැර පලා ගොස් ඇතැයි  කුරුණෑගල කුඹුක්ගැටේ පොලිසිය පවසයි.

මව නිවෙසේ අතහැර දමා ගිය බාල වයස්කාර දරු දෙදෙනා එම දරුවන්ගේ ආරක්ෂාව සඳහා තමන් භාරයට ගත් බව පොලිසිය පැවැසීය.

බාල වයස්කාර දරු දෙදෙනා අනාරක්ෂිත ලෙස නිවෙසේ අතහැර දමා කෲරත්වයට පත් කර කිසිවකුටත් නොකියා අනියම් සැමියා සමග පලා  ගිය  බව කියන මෙම කාන්තාව අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි  කියයි.

මෙම කාන්තාවගේ සැමියා මීට මාස පහකට පමණ පෙර දී මැද පෙරදිග රටක රැකියාවක් සඳහා ගොස් සිටින බවත් බිරිඳ දරු දෙදෙනා සමග නිවෙසේ ජීවත් වී ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

එම නිවෙස අසල පදිංචි මෙම කාන්තාවගේ ඥාතියකු දරු දෙදෙනා නිවෙස තුළ  පෙරේදා (28) සවස හඬමින් සිටින අයුරු දැක දරුවන්ගෙන් තොරතුරු විමසා දරු දෙදෙනාද කැටිව කුඹුක්ගැටේ පොලිසියට පැමිණ මේ ගැන පැමිණිලි කර ඇත.

දරු දෙදෙනා කුසගින්නේ සිට ඇති බවත් කියති.

බාලවයස්කාර දරු දෙදෙනාගේ මව අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය පුද්ගලයා ද අසල්වාසියකු බව පොලිසිය පැවැසීය.

මොවුන් දෙදෙනා සිටින ස්ථානයක් ගැන තවම තොරතුරු ලැබී නැතැයි ද පොලිසිය කියයි.



අදහස් (9)

පුංචි දරුවන් ගෙදර දමා තහනම් ගහේ ගෙඩි කන්න ගිය මව

Lalla Thursday, 30 May 2024 08:33 AM

කැබිතිගොල්ලෑව අංක දෙක. මේ පවුලටත් පිහිට ඉල්ලීම පටන්ගන්නවා. මේ දරුවන් දෙමාපියන්ට ඕන වෙලා හදාගෙන නොවේ නේද? සමාජ මාධ්‍ය මේවා අනුකම්පාව ඉල්ලලා ප්‍රචාරය නවත්තන්න ඕන.

:       29       17

primeshika Thursday, 30 May 2024 08:34 AM

මෙන්න මේ වගේ අම්මලාත් සිටින නිසා තමයි අපි කැබිගොල්ලෑවේ මවට ආධාර උපකාර කරන්න ඕනැ

:       2       45

Lalla Thursday, 30 May 2024 01:08 PM

තව ටික දවසකින් මෙයාත් දෙක හතර කරගනියි. එතකොට අනුකම්පාව තව වැඩිවෙයි. සමාජ ව්‍යසනයක් කියන්නේ ඒකයි.

:       9       5

රංබොඩ Thursday, 30 May 2024 09:15 AM

කාමය අවුස්සා ගත්තම එලෝ මෙලෝ නෑ. වැඩේ ඉවර වුණාම තමයි ඇස් අරෙන්නෙ. එතකොට පෙරහර සෑහෙන්න දුර ගිහින්.

:       1       46

Bunny Preena Thursday, 30 May 2024 10:05 AM

මේ වගේ ගැහැණු සහ පිරිමි තියන්න වටින්නේ නැහැ.

:       0       0

උපාසක Thursday, 30 May 2024 02:02 PM

කාමය කියන්නේ මාරයෙක්. මනුස්සකම එහෙන් පිටින්ම නැතිකරන්න මේ කාමයට පුළුවන්. මිනී මරන්න, තමන් බිහිකළ නොදරුවන් දාල යන්න තරම් මේ අම්මා කොච්චර කාමයෙන් මත් වෙන්න ඇද්ද. ඔය කම්සැප ලබන්න ගිහින් කොච්චර ප්‍රශ්න ඇතිකරගන්නව ද. අන්තිමට ලබපු සැපේ ඒ මොහොතට විතරයි. ඉතුරු වෙන්නේ ප්‍රශ්න ගොඩකුයි, දුක් කන්දරාවකුයි විතරයි. මේ අම්මාට සැමියා, දරුවන්, ඥාතීන් නැතිවෙනවා. අනියම් සැමියා ටික දවසකින් දාල යයි. කාමය, රාගය කියන්නේ රාත්‍රී දැකපු හීනයක් වාගේ කියන්නේ නිකං නෙමෙයි. ඇති දෙයක් නෑ. අසරණ දරුවන්ට යහපතක් වේවා.

:       1       16

Nihal Thursday, 30 May 2024 07:05 PM

මුහුණු පොතේ අධික කාමයෙන් ගෑණු කියන කතා නිසා දරුවෙකුට අධ්‍යාපන කටයුතු වලට පෝන් එකක් අරං දෙන්න බැරි තත්වයක් උදාවෙලා තියෙන්නේ

:       0       6

පිටරටවැසියා Thursday, 30 May 2024 02:41 PM

මේ දරුවන් දෙමාපියන්ට ඕන වෙලා හදාගත්තද, නැද්ද කියන්න දන්නෙ නෑ. හැබැයි පියා රට ගියේ දරුපවුල ජීවත් කරවන්න කියල පැහැදිලියි. සොමියට ගහලා, කරුමෙට හිටපු එවුන් ඉන්නෙ දියවන්නාවේ මිසක්, කැබිතිගොල්ලෑවේවත්, රටේ වෙන කොහෙවත් නොවෙයි.

:       1       3

Chamini Friday, 31 May 2024 12:09 AM

මේ අය හොයලා නිසි දඬුවම් දෙන්න ඕනි

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 492 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site