IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පුංචි දියණියක් ජර්සි 45ක් ඇඳ ලෝක වාර්තාවක් තබයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර සෝෆියා හේඩ්න් නම් දියණියක් එකවර ජර්සි 45 ක් ඇඳගනිමින් ගිනස් ලෝක වාර්තාවක් තබා ඇත. ලෝක වාර්තාව තැබීමේදී සෝෆියාට ඇය ඇඳගන්නා සෑම ජර්සියක්ම ඉණ දක්වා පහත් කිරීමට සිදුව ඇති අතර එහිදී ඉරී යන ජර්සි ගිනස් ලෝක වාර්තාව නොසලකා හැර තිබිණ.

සෝෆියා ඇයගේ පවුලේ ලෝක වාර්තාවක් තැබූ ප්‍රථමයා නොවන අතර ඇයගේ මවද ලෝක වාර්තාවකට හිමිකම් කියන්නීය.සොෆියා ලෝක වාර්තාව පිහිටුවීමේදී ප්‍රථමයෙන් කුඩා ප්‍රමාණයේ ජර්සි ඇඳගෙන ඇති අතර පසුව ප්‍රමාණයෙන් විශාල ජර්සි ඇඳ ඇත. සෝෆියා මෙම ලෝක වාර්තාව ඇය ජීවත්වන ප්‍රදේශයේ මහජන පුස්තකාලයේදී තබා ඇති අතර ලෝක වාර්තාව තැබීමෙන් පසුව ජර්සි 45 ඇය පරිත්‍යාග කර තිබිණ.

මීට පෙර මෙම ලෝක වාර්තාවට හිමිකම් කියා ඇත්තේ ප්‍රංශ ජාතික 11 හැවිදිරිදි දරුවකු වන තෝමස් උමම්බෝ විසිනි.තෝමස් 2022 වසරේදී ජර්සි 40 ක් එකවර ඇඳගනිමින් එම ලෝක වාර්තාවට හිමිකම් කියා තිබේ.



අදහස් (0)

පුංචි දියණියක් ජර්සි 45ක් ඇඳ ලෝක වාර්තාවක් තබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 520 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site