(නිමල කොඩිතුවක්කු)
සමගි ජන බලවේගයට බලය තිබෙන ප්‍රාදේශීය සභා තුළ සිටින මන්ත්‍රීවරු සඳහා ඉදිරියේ දී ආචාර ධර්ම පද්ධතියක් ගෙන එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එම ආචාර ධර්ම පද්ධතිය කඩ කළහොත් මන්ත්‍රීකම නැති වන ලෙස සියලු මන්ත්‍රීවරුන්ගෙන් දිවුරුම් ප්‍රකාශයක් ලබා ගන්නා බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
එසේම ඔවුන්ට කොන්ත්‍රාත් කිරීම තහනම් කරන බවත් විනීත හා ශිෂ්ඨ සම්පන්න මන්ත්‍රීවරු පිරිසක් බිහි කිරීම වෙනුවෙන් මෙම කටයුතු මෙහෙයවන බවත් පදවි ශ්‍රී පුර පැවැති ජන හමුවක් අමතමින් ඔහු පැවසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.