IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පුංචි ඡන්දය ළඟ එයි

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු මැතිවරණය අවසන්වූ වහා  හැකි ඉක්මනින්ම පළාත් පාලන ආයතන  ඡන්ද විමසීම පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මහ මැතිවරණය අවසන්වූ වහාම පළාත් පාලන ආයතන  ඡන්ද විමසීම සඳහා දින නියම කරන බවද  කොමිසම නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය අගෝස්තු මස 22 වැනි දා දුන් නියෝගයට අනුකූලව මැතිවරණ පැවැත්වීමේ කාර්යභාරය අනුව කටයුතු කරන බව කොමිසම ප්‍රකාශ කරයි.

ඉදිරි මැතිවරණ සඳහා අවශ්‍ය මුදල්  දෙන බවට රජය දැනටමත් පොරොන්දුවී ඇතැයි පවසන මැතිවරණ කොමිෂන් සභාව මහ මැතිවරණය සඳහා රුපියල් කෝටි 1100 ක් ලබාදීමට කැබිනට් මණ්ඩලය  අනුමැතිය දුන් බවද ප්‍රකාශ කළේය.

මේ අතර මහ මැතිවරණයේ ඡන්ද පත්‍රිකා  මුද්‍රණය වෙනුවෙන් ජනාධිපතිවරණයට සාපේක්ෂව වැඩි මුදලක් වැය කිරීමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඊට හේතු වී ඇත්තේ  මහ මැතිවරණයේදී  දිස්ත්‍රික් මට්ටමින් වෙන වෙනම ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට සිදුවීම නිසා   බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.



අදහස් (1)

පුංචි ඡන්දය ළඟ එයි

කලු ඇල්බට් අයිස්ටයිම් Thursday, 03 October 2024 01:51 PM

පුංචි ඡන්දෙ වියදමත් පුංචිද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 16 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site