
(සුජිත් හේවාජුලිගේ )
පළාත් පාලන මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵල රාත්‍රී 11 වන විට ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.
මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාල ඡන්ද විමසීමේදී ඡන්ද ගණන් කිරීමේ කටයුතුද එම මධ්‍යස්ථානයේදීම සිදුකරන බව ඔහු කීවේය
මේ සඳහා පියවර කීපයක් අනුගමනය කරන බවත් කොට්ඨාශයක් ඇතුලේ තියෙන්නේ එක ඡන්ද මධ්‍යස්ථානයක් නම් අනිවාර්යයෙන්ම ඒ ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද ගණන් කිරීම කරන බවත් ඔහු කීවේය.
එක් කොට්ඨාසයක් ඇතුලේ ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් තිබේ නම් සමහර ස්ථානවල ඡන්ද පොලේදීම ඡන්ද ගණන් කිරීම කරන බව ඔහු කීවේය.
මේ කටයුතු සඳහා කොට්ඨාස තේරීම් භාර නිලධාරී ලෙස විශේෂ නිලධාරියකු පත්කර ඇති බව පැවසූ සභාපතිවරයා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ සම්පූර්ණ වගකීම තියෙන්නේ ප්‍රධාන ඡන්ද ස්ථානාධිපතිවරයාට බවද සඳහන් කළේය.
දිස්ත්‍රික්කවල එකෙක් පළාත් පාලන ආයතනවල ප්‍රතිඵල සකස් කිරීමේ මධ්‍යස්ථාන පිහිටුවා ඇති බවත් එහිදී ප්‍රතිඵල සියල්ල එකතුකර පළාත් පාලනයේ මුළු ප්‍රතිඵලය සකස් කරන බවත් හෙතෙම පැවසීය.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ලබන හයවෙනිදා පැවැත්වේ.
2025 දෙසැම්බර් මස 18
295
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුංචි ඡන්දයේ මුල්ම ප්‍රතිඵලය රෑ 11ට
උකුස්සා Saturday, 03 May 2025 02:25 PM
ප්‍රථිපල බලන්න දෙයක් නැහැ ඉතින් 7 වෙනිදා උදේ කිරිබත් කමු. ජයවේවා