(යොහාන් භාසුර)
පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා අවලංගු කර හෝ එසේත් නැත්නම් වෙනත් ආකාරයකින් හෝ නාමයෝජනා හේතුවෙන් පවතින තහංචි ඉවත්කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා අද (18) ‘ලංකාදීප’යට පැවසීය.
නාමයෝජනා හේතුවෙන් ප්‍රාදේශීය දේශපාලඥායන් ලෙස ගමේ අවමංගල්‍ය උත්සවය, පන්සලේ උත්සවයක හෝ පාසලක උත්සවයක ජනතාව ඇමතීම හෝ වෙනත් විශේෂ අවස්ථාවලට සහභාගි වීම අහිමිවී ඇති බවත් ඒ හේතුවෙන් නාමයෝජනා පිළිබඳව හැකි ඉක්මණින් පියවරක් ගන්නා ලෙස ඉල්ලා සිටි බවත් එදිරිමාන්න මහතා කීය.
තවද මැයි 9 වැනි අරගලය අවස්ථාවේදී විනාශයට පත්වූ ඇතැම් පළාත් පාලන නියෝජිතයන්ගේ නිවාස ඇතුළු දේපළ වෙනුවෙන් වන්දි ලැබීම පිළිබඳව ගැටලු ඇති බවත් එම ගැටලු ද ඉක්මණින් විසඳන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් සංජීව එදිරිමාන්න මහතා සඳහන් කළේය.
එම ඉල්ලීම් පිළිබඳව දැඩි අවදාන යොමු කර හැකි ඉක්මණින් විසඳුමක් දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා වැඩි දුරටත් පැවසීය.
ජනාධිපති කාර්යාලයේදී අද (18) පැවැති එම විශේෂ සාකච්ඡාවට පළාත් පාලන නියෝජිතයන්ට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන එහි මහ ලේකම් නීතිඥා සාගර කාරියවසම් සහ සංජීව එදිරිමාන්න යන මහත්වරු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රේණුක පෙරේරා මහතා ද සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රාදේශීය දේශපාලඥයින් ලෙස ගමේ අවමංගල්‍ය උත්සවය, පන්සලේ උත්සවයක හෝ පාසලක උත්සවයක ජනතාව ඇමතීම හෝ වෙනත් විශේෂ අවස්ථාවලට සහභාගි වීම අහිමිකළ යුතුවේ. දියුණු රටවල දේශපාලකයින් මෙවැනි උත්සව සඳහා සහභාගී වන්නේ නැත. ඉන්දියාව/ ලංකාවේ පමණි... මෙම සහභාගි විම සේවයක් නොව දේශපාලන වාසි ලබාගැනීම සඳහා කරනු ඇත.. රජයේ සේවයේ කරන්නාවූ කිසිවකුට දේශපාලනයේ දීමට අවස්ථාවක් නැත.
ජනාධිපතිගේ වැඩ... මෙහෙම ගියොත් රටම විනාශ කරලා තමයි නවතින්නේ....!