(සුජිත් හේවාජූලිගේ)

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අවසාන තීරණය ගැනීමට මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීහු ලබන මස 4 වැනිදා රැස්වෙති.

මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු ඊයේ(28) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබුණද එය නියමයක් නොමැතිව කල් දමන ලදැයි මැතිවරණ කොමිෂන් සභාව මෙයට ඉහතදී නිවේදනය කළේය.

තැපැල් ඡන්ද සලකුණු කිරීම මෙසේ කල් දැමුවේ මුදල් නොලැබීම හේතුවෙන් රජයේ මුද්‍රණාලය තැපල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම නතර කිරීම නිසාය.