(සුජිත් හේවාජුලිගේ )
ඡන්ද අයිතිය ජනතාවගේ මූලික අයිතිවාසිකම් අයිතිවාසිකමක් හෙයින් මැතිවරණය කල් දැමීමට කිසිවෙකුටත් හැකියාවක් හෝ අයිතියක් නැතැයි විපක්ෂ ප්රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
පොඩි ප්රමාදයක් ඇති වුණත් මැතිවරණය හැකි ඉක්මනින්ම පවත්වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.
ජනතාවට තමන් කැමති පාලකයන් තෝරා ගැනීමට අයිතිය තිබිය යුතු බව පැවසූ කිරිඇල්ල මහතා එය වැළැක්වීම ප්රජාතන්ත්ර විරෝධී බවද ප්රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කතාකරන්නේ ප්රජාතන්ත්රවාදය රැකපු මිනිස්සු.., මේ පළාත් සභා ප්රාදේශීය සභා ඔක්කොම 2015, 2018 කාලේ කල්ඉකුත් වුණු ඒවා... එතකොට මේ අයගේ ආණ්ඩුව තිබුණේ ඒ කාලයේ... ප්රජාතන්ත්රවාදය මතක් වුණේ නැද්ද? මෙයාට...
මේ ආණ්ඩුව ඡන්දෙ දිනාගන්න බැරි බව දන්න නිසා මේ අය කිසිවිටකත් ඡන්දය තියන්නේ නැත. ඊට එරෙහිව නැගෙන ජනතා විරෝධය... පොලිසිය සහ හමුදාවල් යොදා මර්දනය කරනු ඇත...
පළාත් සබා චන්ද නොතියා ඉන්න පුරුදුකලේ ඔහෙලා නේද? දැන් පළාත් සබා අපිට උනේ නැහැ. නිස්කාරණයේ සල්ලි වැයකරන්න එපා. අපිට කැහි ගැහැණි දීලා හොටු ගැහැණි ගන්න ඕනේ නැහැ. ඔය දෙගොල්ලොම කළුවරේ එකයි.