(ඩයනා උදයංගනී)
ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී සියලු වාමාංශික හා ප්‍රගතිශීලී දේශපාලන බලවේග එක්කරගත් සන්ධානයකින් තරඟ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය බලාපොරොත්තු වන බව එම පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
උතුරු, නැගෙනහිර පළාත්වල ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ලෙස ‘අත’ ලකුණ යටතේත්, සෙසු පළාත්වල එක්සත් ජනතා නිදහස් සන්ධානය හෝ වෙනත් සන්ධානයක් යටතේත් තරඟ කිරීමට බලාපොරොත්තු වන බව ජයසේකර මහතා සඳහන් කළේය.
මේ වන විටත් විමල් වීරවංශ මහතාගේ සභාපතීත්වයෙන් යුත් උත්තර ලංකා සභාගය, ඩලස් අලහප්පෙරුම මහතා නියෝජනය කරන නිදහස ජනතා සභාව ඇතුළු කණ්ඩායම සමඟ මෙන්ම දේශපාලන පක්‍ෂ 27ක් සමඟ ඒ සඳහා සාකච්ඡා පවත්වා ඇතැයි ද දයාසිරි ජයසේකර මහතා කීවේය.
මෙහිදී සමඟි ජන බලවේගය සමඟ සාකච්ඡා නොපවත්වන බව ද හෙතෙම කීය.
පක්‍ෂ මහලේකම්වරයා මේ බව පැවසුවේ නව වසරේ වැඩ කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් එම පක්ෂ මූලස්ථානයේ දී අද (2) පැවති කෙටි උත්සවයෙන් අනතුරුව පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙම සාකච්ඡා ඉදිරි දින කිහිපය තුළ අවසන් කර ලංකාවේ දැවැන්ත දේශපාලන සන්ධානයක් ගොඩනගන්නට බලාපොරොත්තු වන බව ද ජයසේකර මහතා පැවසීය.
මැතිවරණය කල්දැමීමේ උත්සාහය ආණ්ඩුව තවමත් අත්හැර නැති බවත්, මැතිවරණය කල්දැමීමට රජය ගන්නා ක්‍රියාමාර්ග අනිවාර්යයෙන් පරාජය කරන බවත් හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන සියලු දෙනා එක් සන්ධානයක් හදන්න. එතකොට කුණු කූඩෙ ඉඩ මදිවෙන එකක් නෑ.
අධි තක්සේරුව විනාශය ට මුලයි...