IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පුංචි ඡන්දෙදී නව සන්ධාන පිහිටුවන සාකච්ඡාවලට සජබ නෑ

(ඩයනා උදයංගනී)

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී සියලු වාමාංශික හා ප්‍රගතිශීලී දේශපාලන බලවේග එක්කරගත් සන්ධානයකින් තරඟ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය බලාපොරොත්තු වන බව එම පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

උතුරු, නැගෙනහිර පළාත්වල ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ලෙස ‘අත’ ලකුණ යටතේත්, සෙසු පළාත්වල එක්සත් ජනතා නිදහස් සන්ධානය හෝ වෙනත් සන්ධානයක් යටතේත් තරඟ කිරීමට බලාපොරොත්තු වන බව ජයසේකර මහතා සඳහන් කළේය.

මේ වන විටත් විමල් වීරවංශ මහතාගේ සභාපතීත්වයෙන් යුත් උත්තර ලංකා සභාගය, ඩලස් අලහප්පෙරුම මහතා නියෝජනය කරන නිදහස ජනතා සභාව ඇතුළු කණ්ඩායම සමඟ මෙන්ම දේශපාලන පක්‍ෂ 27ක් සමඟ ඒ සඳහා සාකච්ඡා පවත්වා ඇතැයි ද දයාසිරි ජයසේකර මහතා කීවේය.

මෙහිදී සමඟි ජන බලවේගය සමඟ සාකච්ඡා නොපවත්වන බව ද හෙතෙම කීය.

පක්‍ෂ මහලේකම්වරයා මේ බව පැවසුවේ නව වසරේ වැඩ කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් එම පක්ෂ මූලස්ථානයේ දී අද (2) පැවති කෙටි උත්සවයෙන් අනතුරුව පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙම සාකච්ඡා ඉදිරි දින කිහිපය තුළ අවසන් කර ලංකාවේ දැවැන්ත දේශපාලන සන්ධානයක් ගොඩනගන්නට බලාපොරොත්තු වන බව ද ජයසේකර මහතා පැවසීය.

මැතිවරණය කල්දැමීමේ උත්සාහය ආණ්ඩුව තවමත් අත්හැර නැති බවත්, මැතිවරණය කල්දැමීමට රජය ගන්නා ක්‍රියාමාර්ග අනිවාර්යයෙන් පරාජය කරන බවත් හෙතෙම සඳහන් කළේය.



අදහස් (2)

පුංචි ඡන්දෙදී නව සන්ධාන පිහිටුවන සාකච්ඡාවලට සජබ නෑ

සිල්වා Monday, 02 January 2023 04:33 PM

ඔය කියන සියලු දෙනා එක් සන්ධානයක් හදන්න. එතකොට කුණු කූඩෙ ඉඩ මදිවෙන එකක් නෑ.

:       1       9

චන්දන Monday, 02 January 2023 06:50 PM

අධි තක්සේරුව විනාශය ට මුලයි...

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site