(නිමල කොඩිතුවක්කු)
පළාත් පාලන මැතිවරණයට මුදල් නොමැති බව රජය පැවසුවත් ඒ සඳහා වැය වන්නේ සීනි බදු වංචාවෙන් පහෙන් එකක් පමණක් බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කොළඹදී අද (30) පැවසීය.
මැතිවරණ කල් දැමීමට ගනු ලබන රජයේ සියළුම උත්සාහයන් පරාජය කිරීමට සමගි ජන බලවේගය කටයුතු කරන බවත් මහ ලේකම්වරයා සඳහන් කළේ ය.
ඇතුල්කෝට්ටේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවති පළාත් පාලන නියෝජිතයන් සඳහා පැවති සම්මුඛ පරීක්ෂණයේ දෙවන දින අතරතුර මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.