(නිමල කොඩිතුවක්කු)
පළාත් පාලන මැතිවරණයට මුදල් නොමැති බව රජය පැවසුවත් ඒ සඳහා වැය වන්නේ සීනි බදු වංචාවෙන් පහෙන් එකක් පමණක් බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කොළඹදී අද (30) පැවසීය.
මැතිවරණ කල් දැමීමට ගනු ලබන රජයේ සියළුම උත්සාහයන් පරාජය කිරීමට සමගි ජන බලවේගය කටයුතු කරන බවත් මහ ලේකම්වරයා සඳහන් කළේ ය.
ඇතුල්කෝට්ටේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවති පළාත් පාලන නියෝජිතයන් සඳහා පැවති සම්මුඛ පරීක්ෂණයේ දෙවන දින අතරතුර මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඡන්දයට වියදම් කරලා පත් කරන අය ගෙන් අපිට සේවයක් වන්නෙත් නැත, ආර්තිකයට වැඩකුත් නැත. බලය උරගා බැලීමට මේ සල්ලි වැය කල යුතු නැත. රට භාර ගෙන කල හැකි අයෙක් වේ නම්, ජනාධිපතිවරණයක් කැදවූවාට කමක් නැත.
පෙට්ටි ගෙවල් වංචාවෙන් සිදුවූ හානියේ ප්‍රතිශතයත් හොයන්න . මීලග පෙරළියේ දී 225 එපා . ලොකු බලාපොරත්තුවක් තියාගෙන තමයි බස් බෙදන්නේ . ඔය යල්පැනපු චන්ද ගුණ්ඩු . දැන් හැමතැනම ඉන්නේ කොළඹ කාක්කෝ .
යන වියදම් කීය වුනත් ,ගෙවන්නේ අපි. තොපි කන්නෙත් ,අපි ගෙවන බදු සල්ලි වලින් . හිගන හැත්ත .තොපි 225 ,හැදි ගැවිලාම පල.
බැංකු මන්කොල්ලෙන් සීයට කීයද? මේ වෙලාවේ මොන චන්දද හලෝ ? මොකෝ ඔහෙලා බලයට ආවයි කියා මොන කෙන්ගෙඩියක් කොරන්නද? මේ ක්‍රමය මේ විදිහට යාවි.
අපේ ප්‍රජාතාන්ත්‍රික ඡන්ද අයිතිය උදුරා ගැනීමට අපි විරුද්ධ වෙනවා. සල්ල නැතිනම් ඔය 225 ආණ්ඩුවට යන වියදම් වලින් භාගයක් කපා හරින්න.