IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


පුංචි ඡන්දෙට මැකෝ යළි සල්ලි ඉල්ලයි

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් ඉල්ලා භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් ලබන සතියේදී  යළි ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ  නිමල් ජී පුංචිහේවා මහතා  ලංකාදීපයට පැවැසීය.

රටේ ආර්ථික තත්වය  යම් යහපත් මට්ටමක පවතින බවට රජයේ පාර්ශ්වයෙන්ම ප්‍රකාශ නිකුත්  කෙරෙන හෙයින් මෙම  ඉල්ලීම  කරන බවද
ඔහු සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් ඉල්ලා  මැතිවරණ කොමිෂන් සභාව මීට පෙර රජයෙන් ඉල්ලීම් ගණනාවක් කළද  රටේ පවතින මූල්‍ය අර්බුදය හේතුවෙන් මුදල් ලබා දිය නොහැකි බව භාණ්ඩාගාර ලේකම්වරයා ඒ සෑම අවස්ථාවකදීම එම කොමිෂන් සභාවට දැනුම් දුන්නේය.

පළාත් පාලන මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දැමුණේ ඒ අනුවය.

පළාත් පාලන මැතිවරණයට අදාළ නාමයෝජනා අවලංගු කිරීමට කර ඇති යෝජනාවක් සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අප කළ විමසුමකදී  මැතිවරණ කොමිසමේ සභාපතිවරයා  පැවසුවේ  නාමයෝජනා අවලංගු කිරීමට නම් ඒ  සම්බන්ධයෙන්වූ විශේෂ පනතක්  පාර්ලිමේන්තුවේදී සම්මත කළ යුතු බවයි.

පාර්ලිමේන්තුවේ සම්මත කෙරෙන හුදු යෝජනාවකින් එවැන්නක් කළ නොහැකි බවද පුංචිහේවා මහතා ප්‍රකාශ කළේය.

මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා බහුතරයක්ද මේ වනවිට මුද්‍රණය කර අවසන්ව පවතී.  ඒවා දැනට රජයේ මුද්‍රණාලයේ ආරක්ෂිත ගබඩාවේ  තැන්පත් කර ඇත.

මේ  අතර පළාත්පාලන මැතිවරණය කල් ගොස් ඇතත් එම මැතිවරණය ඇතුළු  ඉදිරියේදී පැවැත්වීමට නියමිත සියලු මැතිවරණ සඳහා අවශ්‍ය මූලික කටයුතු සූදානම් කරගෙන යන බව නිමල් ජී පුංචිහේවා මහතා වැඩිදුරටත් පැවසීය.



 

 



අදහස් (0)

පුංචි ඡන්දෙට මැකෝ යළි සල්ලි ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 431 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 606 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 243 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site