
(නිමල කොඩිතුවක්කු)
පළාත් පාලන මැතිවරණය හෝ පවත්වන්න කොන්දක් නොමැති ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මහ මැතිවරණ ජනාධිපතිවරණ ගැන පුරසාරම් දොඩන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය සුරකින ඕනෑම මැතිවරණයකට සමගි ජන බලවේගය මුහුන දීමට සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 69 වැනි අදියර යටතේ අනුරාධපුර ශ්‍රී දුටුගැමුණු මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව කීවේය.
ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරණයක් පවත්වන බවට ආරංචිය පතුරවමින් ජනතාගේ අදහස් සොයා බලන බවත් ස්වාධින අපේක්ෂකයන්, යූඇන්පී අපේක්ෂකයන් කවුද කියා ජනාධිපතිට සහ පොහොට්ටුවට මේ වන විට පටලැවි ඇති බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු වන ඔබට කුඩා අවවාදයක්, විශේෂයෙන් SMART පන්ති විවෘත කිරීම සඳහා පාසල් යන විට දේශපාලනය කතා නොකරන්න. එවැනි රැස්වීම්වලදී දේශපාලනය ( කුණු ) කතා කරන්න. ඔබ ඡන්ද ලබා ගන්නේ නැත, ඔබ ඒවා නැති කර ගනී.
මෙහි අදහස් දක්වා ඇති උපාලි මහතා 100% ක් නිවැරදියි... මේ වැඩසටහන් දේශපාලන උදම් ඇනීම සඳහා යොදාගැනීම් තුළින් බුද්ධිමත් ජනතාව ඔබව මනින ආකාරය අනුව ඔබට හිමි ඡන්ද පවා අහිමි වෙනවා ස්ථිරයි.. මේ 1970 නොවේ 2024 බව ඔබගේ උපදෙස් දෙන අයට අමතකවෙලා...