IMG-LOGO

පුංචි ඡන්දෙට නීතියෙන් බාධාවක්

(සුජිත් හේවාජුලිගේ)

පළාත් පාලන මැතිවරණ පනත සංශෝධනය කරන තුරු පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශ කිරීමට නීතිමය බාධාවක් පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසුවේ මැතිවරණ පනත සංශෝධනය කළ වහා මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශ කරන බවයි

පළාත් පාලන මැතිවරණ පනත ලබන ජනවාරි මාසය අැතුළත සංශෝධනය කර දෙන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මැතිවරණ කොමිෂන් සභාවට ලිඛිතව දැනුම් දී ඇත.

පළාත් පාලන මැතිවරණ පනත හැකි ඉක්මනින් සංශෝධනය කර දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් පසුගියදා ඉල්ලීමක් කළේය.

පළාත් පාලන ආයතන සඳහා මෙයට පෙර කැඳවු නා ම යෝජනා අහෝසි කිරීම රජය පසුගියදා තීරණය කළේය.

මේ අනුව එම ආයතන වෙනුවෙන් නැවතත් නාම යෝජනා කැඳවීමට මැතිවරණ කොමිෂන් සභාවට සිදුවනු ඇත.

පළාත් පාලන ආයතන සඳහා අපේක්ෂකයන් අසූ දාහක් පමණ ඉදිරිපත් වනු ඇතැයි ගණන් බලා ඇත.

මේ අයගෙන් වියදම් වාර්තා එපමණ ප්‍රමාණයක් කැඳවීමට සිදුවන හෙයින් එය ප්‍රායෝගිකව දුෂ්කර කාර්යයක් වනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.

d



අදහස් (0)

පුංචි ඡන්දෙට නීතියෙන් බාධාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 974 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site