(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වළකාලන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික කර්නල් ඩබ්ලිව්.එම්.ආර් විජේසුන්දර මහතා ගොනු කළ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගය අතරමැදි පෙත්සම් තුනක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇත.
ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික නීතිඥ සුනිල් වටගල, සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහ කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පිඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීතිඥ විශ්කේෂර් චන්ද්‍රශේකර් මහත්වරුන් මෙම අතරමැදි පෙත්සම් ගොනු කර තිබේ.
පෙත්සම්කරුවෝ සියලු දෙනාම සුදුසුකම් ලත් ඡන්දදායකයන් බවත් පළාත් පාලන මැතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීම ව්‍යවස්ථාදායක අයිතිවාසිකමක් බවත් එය මූලික අයිතිවාසිකමක් බැවින් මැතිවරණය නිසි කලට පැවැත්විය යුතු බවත් නීතිඥ මංජුල බාලසූරිය මහතාගේ උපදෙස් පරිදි ගොනුකර ඇති මෙම අතරමැදි පෙත්සම්වල මෙසේද සඳහන් වේ.
ඒ අනුව මැතිවරණය පැවැත්වීමට එරෙහිව ගොනුකර ඇති මෙම රිට් පෙත්සම නීතියට පටහැනි බවත් අදාල තොරතුරු අධිකරණයෙන් වසන් කර ඇති බවත් එම පෙත්සම් වල දැක්වේ.එබැවින් මෙම අතරමැදි පෙත්සම්වලට අවසර ලබාදෙන ලෙසද පළාත් පාලන මැතිවරණයට එරෙහිව ගොනුකර ඇති රිට් පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට නියෝග කරන ලෙස පෙත්සම්කරුවෝ සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම චන්දයක් අවශ්‍යයි .නැත්නම් රනිල් රාජපක්ෂලා රට නැත්තටම නැති කරලා තමයි පස්ස බලන්නේ
කරුණාකර මැතිවරණ එපා