(අංජුල මහික වීරරත්න)
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයන් තෝරා ගැනීමත් ආසන සංවිධායකවරුන් පත් කර ගැනීමත් සඳහා අයදුම්පත්‍ර බාර ගැනීමෙි සම්මුඛ පරීක්ෂණ පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේ දී හෙට (4) සිදු කෙරෙන බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
සම්මුඛ පරීක්ෂණ මණ්ඩල හයක් ඉදිරියේ මෙම සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට සූදානම් කර තිබෙන බවද එජාප මහලේකම්වරයා පැවසීය.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පළාත් පාලන මැතිවරණයේ දී පොහොට්ටුව සහ එක්සත් ජාතික පක්ෂය සන්ධාන ගත වීමක් සිදු වෙනවා දැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රංගේ බණ්ඩාර මහතා කීවේ දැනට එවැනි කිසිදු තීන්දුවක් ගෙන නැති නමුත් පොහොට්ටුවේ උදවියත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උදවියත් වෙනත් දේශපාලන පක්ෂ වල උදවියත් එජාපය සමග කතා කොට නාමයෝජනා ලබා ගන්න පුළුවන්දැයි කියා විමසා තිබෙන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුංචි ඡන්දයෙන් පුංචිම පක්ෂය බවට පත්වේවි...!
වෙනසක ආරම්භය NPP ...