
(අංජුල මහික වීරරත්න)
පළාත් පාලන ඡන්ද ප්‍රචාරක කටයුතු සඳහා තමාගේ ගමන් බිමන්වලට වැය වූ ඉන්ධන මුදල් නැවත රජයට පියවන බව ජනාධිපති අනුර දිසානායක මහතා පැවසීය.
මහා ඡන්දෙ කාලෙම තමා පාවිච්චි කළ වාහනේ තෙල් වලට සල්ලි ගෙව්වෙ පක්ෂයෙන් බවද ජනාධිපතිවරයා කීය.
"ආණ්ඩුවෙන් තෙල් ගහගෙන මම ඡන්ද රැස්වීම් වලට ගිහින් නෑ.
පළාත් පාලන ඡන්දෙ පටන් ගනිද්දීම මම තෙල් වලට ගිය වියදම් ලේඛනය ලබා දෙන ලෙස කිව්වා.ඒ මුදල් පියවන්නම් යැයි මා කිව්වා.මෙහෙම තමයි රටක් ගොඩ නගන්නේ.වෙනදා ඡන්ද වලට හෙලිකොප්ටර් වලින් ගියා. අපි වියදම් වූ තෙල් ටිකත් ආණ්ඩුවට දෙනවා යනුවෙන්ද රූපවාහිනී සාකච්ඡාවකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මේ පක්ෂ බේද නැතුව කියන්නේ. අනුර ඇරෙන්න රට හදන්න වෙන මිනිහෙක් මේ අවස්ථාවේ නෑ. දැන්වත් පරණ දේශපාලු වන්දනාව නවත්තලා මේ රජයේ හොඳ වැඩ වලට සහය දිය යුතුයි. මේ පාරත් වරද්ද ගත්තොත් ආයෙත් රටට නැගිටීමක් නෑ.
ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් පහල වූ ආදර්ශයමත්ම නායකයා බවට ඔබ පහල වී අවසන්.. අප සැමගේ ගෞරවනීය ස්තුතිය.
එතකොට රටේ ප්‍රශ්ණ වලට විසදුම් දෙන්න තිබුන කාලය මැතිවරන වැඩ වලට යෙදවීමෙන් ඇතිවුන ආර්තික පාඩු, වාහනයේ ගෙවෙන කොටස්, ආරක්‍ෂක වියදම්ජා, නධිපති මන්දිරවල දුන් පාටි වල වියදම්. ඒවා ගෙවන්නේ මහාජනතාව බදු වලින් නේ.
සත පහේ වැඩ සහ සතේ කතා.
මොනවා… බස් රු.5000කින් සෙනඟ අදින්න ගිය සල්ලි ආපහු දෙනවද???
මැයි දිනය දා දක්ෂිණ අධිවේගී මාර්ගයට ඔබේ එහෙයියන් අරක්කු සහ දාපු අසූචිවලටත්, කසලවලටත්, දළදා වහන්සේට කළ නිග්‍රහයටත් වන්දි ගෙව්වොත් නරකද ජනාධිපති තුමා?
එතාකොට අර ගෝල බාලයෝ ටික හයි-වේ එකේ ජරා කරපුවා කවුද අයින් කරන්නේ ?
මැයි දිනයට බස් රථ 5500ක් ගෙන්වල කියල වාර්තාවක් අපි දැක්කා, ඒ බස් රථ 5500ට දළ වියදම කොටි 45ක් කියලා ඇස්තමේන්තුවක් දාලත් තිබුනා.
බොරුව නැවත්තුවෙ නැත්නම් වෙන් නේ ලොකු ගානක් දීල ප්ලේන් ඒකෙන් වෙන රටකටම යන්නයි. තෙල් වලටද වියදම් වෙන්නේ ? ඇයි ඒතකොට කවුද ආරක්ෂාවට රජයේ සේවකයින්ගේ වේලාව නාස්තියට අනිත් දේටයි කවුද ගෙවන්නේ?
වාහනයට වැය වු මුදළ ආපසු ගෙචන වීරයෙක් වෙන්නම අවශ්‍ය නම් ඉන්ධන වියදම පමණක් ආපසු ගෙවීම නොගැලපේ. ටයර් ඒන්ජින් ඇතුළු ව වාහනයේ ධාරිතාව අනුව වන වටිනාකමේ ක්ෂ්‍යය වීමද ගෙවිය යුතුය. ඒ මුදළ ආලෝක වර්ෂවලින් ගනන් නොහැදීමට වගබලා ගන්න. පුද්ගලික රෙන්ට් කාර් ආයතනයකින් ධාරිතාව අනුව වාහනයක් සදහා දෙෙනිකව ගෙවිය යුතු ගාස්තුව ගැන දැන ඉගෙන ගත හැකිය. ටොයොටා ලෑන්ඩ් කෘෂර් ප්‍රාඩෝ රථයක දළ දෙෙනික ගාස්තුව ඉන්ධන නොමැතිව රැපියල් 21000ක් පමණ වේ . ඒ කිමි 960ක් සදහාය. වැඩිවන කිමී 1කට රැ 225කි. රටට අවශ්‍ය කටින් නොව මොළයෙන් සිතා රටේ අනාගතය ගොඩ නැගිය හැකි නායකයෙකි. ඒ වැනි නායකයනට ව්‍යවස්ථාවලින් ම පහසුකම් සලසා අැත්තේ පයින් ගොස් මුදළක් ඉතිරිකිරිමට නොව පහසුකම් වලට වියදම් වන ප්‍රමාණයට වඩා වැඩි සෙතක් රට වෙනුවෙන් කළහැකි වගකිමක් දැරිය හැකි මොළයකින් යුක්ත විය යුතු නිසාය. ඒවැනි පුද්ගලයින් නායකත්වයකට පත්වීම අවම වන්නේ අප මැතිවරණවලදී නිතරම රැවටීම්වලට අසුවී බුද්ධිමත් තීරණ නොගන්නා නිසාවෙනි.
පැලවත්ත අරමුදලෙන් ගත්තා දුන්නා. පැලවත්ත අරමුදලට මන්ත්‍රී පඩි දැම්මා එතනින් FD දැම්මා පොලියත් එක්ක ගත්තා. හරිම ලේසියි.
හොඳම නළුවාට තෙරෙයිද මන්දා?