(සුජිත් හේවාජුලිගේ )
ජනතාවගේ හඬට කන් නොදීම ඇතුළු විවිධ ගැටලු සම්බන්ධයෙන් පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල පරිපාලන කටයුතු බාර ප්‍රධානීන්ට එරෙහිව මහජන පැමිණිලි දෙසීයකට වැඩි ප්‍රමාණයක් ලැබී ඇතැයි වාර්තා වේ.
පළාත් සභා හා පළාත් පාලන ආයතනවල නිල කාලය අහෝසිවී ඇති හෙයින් ඒවායේ පරිපාලන කටයුතු දැනට සිදුවන්නේ නිලධාරීන් ( ආණ්ඩුකාරවරුන් කොමසාරිස්වරුන් සහ ලේකම්වරුන්) අතිනි.
පළාත් සභා හා පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට( නිලධාරීන්ට) එරෙහිව පැමිණිලි ඉදිරිපත්වීම දිනෙන් දින වැඩිවෙමින් පවතින බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අප පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එවැනි පැමිණිලි ගණනාවක් තමාටද ලැබී ඇති බවයි.
සමහර නිලධාරීන් ජනතාවගෙන් ඈත්වී ඒකාධිපති ස්වරූපයෙන් කටයුතු කරන බවට ජනතාව දැනුම් දුන් බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා ජනතාව සමග සමීපව කටයුතු කරමින් ඔවුන්ගේ ප්‍රශ්න විසඳීමට කටයුතු කරන්නැයි ඒ අනුව තමා නිලධාරීන්ට වහා උපදෙස් දුන් බවද ප්‍රකාශ කළේය.
නිලධාරීන් ඒ ආකාරයට ජනතා සේවය පැහැර හරිමින් කටයුතු කරන්නේ නම් ඔවුනට එරෙහිව නීතිමය වශයෙන් ක්‍රියාත්මක වන බවද ඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 18
504
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
261
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුංචි ආණ්ඩුවේ නිලධාරීන්ට චෝදනා
විජේතුංග Saturday, 06 May 2023 09:33 PM
දේශපාලුවන් හැමවිටම නිලධාරින් කොපමණ නිවැරැදි ලෙසට වැඩ කළත් කියන්නේ වැරැදි පමණයි... බලයේ සිට ඉවත්වෙලා ගියාට තමුන්ලා තවමත් පාලකයින් ලෙසට හිතන දේශපාලුවන් අනීතික ක්‍රියාවන් කරන්න කිව්වාම තමයි මෙහෙම චෝදනා එන්නේ... පළාත් පාලන ආයතනයක හිටපු විධායක නිලධාරියෙක් ලෙසට මම දේශපාලුවන් කරන අනීතික ක්‍රියාවන් හොඳින්ම දැකලා තියෙනවා... මම නම් මේ කියන දේවල් සම්පූර්ණයෙන්ම අසත්‍ය කියලා කියන්න කැමැතියි.. එනිසා දෙපිරිසටම පිළිගත හැකි අයවලුන් ලවා පරීක්ෂා කළොත් මෙම චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පැහැදිලි වේවි..